Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රූත් 1:4 - Sinhala Revised Old Version

4 ඔව්හු මෝවබ් ස්ත්‍රීන්ගෙන් භාර්යාවන් පාවාගත්තෝය; එක තැනැත්තියෙකුගේ නම ඔර්පාය, අනික් තැනැත්තියගේ නම රූත්ය. ඔව්හු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 1:4
7 හුවමාරු යොමු  

තවද ඒ දවස්වලදී සමහර යූදාවරුන් අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පාවාගෙන සිටිනවා දුටුවෙමි.


සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස් උපන්නේය; බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද් උපන්නේය; ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය;


අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.


ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න.


නායොමිගේ පුරුෂයාවූ එලීමෙලෙක් මළේය; ඈද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය.


මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මළෝය; මෙසේ ඒ ස්ත්‍රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනිවූවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්