යම් මිනිසෙකු අදහස් නොකර හෝ වැරදීමකින් හෝ යමෙකු මැරුවොත් ඔහුට ඒ අභය භූමියට ගොස් පළිගන්නට සොයන්නාගෙන් ආරක්ෂා විය හැකි ය.
මා විසින් මෝසෙස් ලවා නුඹලාට කියෙවූ හැටියට ආරක්ෂා නුවරවල් නියමකරගන්න. ඒවා ලේ ගැන පළිගන්නාගෙන් ආරක්ෂාවක් වන පිණිස නුඹලාට තිබේවා.
එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නොකරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නොකරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නොවැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙකු අදහස් නොකර, සමිඳාණන් වහන්සේගේ ආඥාවකට විරුද්ධ ව පව් කොට, තහනම් කළ දෙයක් කර යම් පණතක් කඩ කරන්නට පුළුවන. එවිට ඔහු මෙලෙස කළ යුතු ය.”
එවිට පළිගන්නාගෙන් මිදී ඒ තැනැත්තාට පිහිට සොයා ඒ නගරවලට යත හැක. ප්‍රසිද්ධ ලෙස විනිශ්චය කරන තුරු මිනීමරුවා ලෙස සැලකෙන තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය.
ඒ මැරීම ගැන පළිගන්න තැනැත්තා මිනීමරුවා මරණයට පත් කිරීම ගැන වගකිව යුතු ය. මිනීමරුවා සම්මුඛ වූ විට, ඔහු මරාදැමිය යුතු වේ.
‘සතුරුකමක් නොමැති ව යමෙකු අනෙකකු හදිසියෙන් තල්ලු කොට හෝ රැක නොසිට යමක් ඔහු වෙත වීසි කරමින් හෝ
මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මෝසෙස් ලවා මා නුඹලාට ප්‍රකාශ කළ පරිදි අභය භූමි නගර තෝරාගන්න.
ඔහු ඒ නගරවලින් එකකට පලා ගොස් නගර දොරකඩ සිට ඒ නගරයේ ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි සිදු වූ කාරණය කියා සිටින්නේ ය. ඔවුන් ඔහු නගරයට පිළිගෙන තමන් සමඟ වාසය කරන පිණිස ඔහුට ස්ථානයක් දිය යුතු ය.