Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 14:11 - Sinhala New Revised Version

11 එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නො‍කරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නො‍කරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නො‍වැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නො‍කරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නො‍කරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නො‍වැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 14:11
18 හුවමාරු යොමු  

එවිට සෙනඟ සාවුල්ට කතා කොට, “ඉශ්රායෙල්ට මේ මහත් ජයග්‍රහණය ලබා දුන් ජොනතන් නසින්නට ඕනෑ ද? එසේ නොවේ වා. ඔහුගේ හිසෙන් කේශයක් වත් බිම නොවැටිය යුතු යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමු. මන්ද, ඔහු දෙවියන් වහන්සේ සමඟ අද දවසේ ක්‍රියා කෙළේ ය”යි කීවෝ ය. මෙසේ ජොනතන් නොනසින ලෙස සෙනඟ ඔහු බේරාගත්තෝ ය.


ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත.


ඒ මැරීම ගැන පළිගන්න තැනැත්තා මිනීමරුවා මරණයට පත් කිරීම ගැන වගකිව යුතු ය. මිනීමරුවා සම්මුඛ වූ විට, ඔහු මරාදැමිය යුතු වේ.


එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය.


සලමොන් රජ තෙම ද, “ඔහු විශ්වාස මනුෂ්‍යයෙකු බව මට පෙනේ නම්, ඔහුගේ කෙස් ගහක් වත් බිම නොවැටෙන්නේ ය. එහෙත්, ඔහු දුෂ්ට කෙනෙකු බව පෙනේ නම්, ඔහු නසින්නේ ය”යි කීවේ ය.


සතුරුකමින් ඔහුට අතින් බැට දී හෝ ඔහු මළොත් එවැන්නෙකු මිනීමැරීම ගැන වරදකරුවෙකු වන බැවින් ඔහු මරාදැමිය යුතු ය. මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ම ඥාතියාට මිනීමරුවා සම්මුඛ වූ විට ඔහු මරාදැමිය යුතු ය.


සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”


සාවුල් පිළිතුරු දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මේ කාරණය නිසා ඔබට කිසි දඬුවමක් නොවනු ඇතැ යි දිවුරා කියමි”යි ඈට කී ය.


ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.


එහි දී, මරාදැමූ තැනැත්තාගේ කිට්ටු ඥාතියාට ඔහු සම්බවුණොත් මිනීමරුවා මරාදැමිය හැකි ය. ඥාතියා ඒ මැරීම ගැන වරදකරුවෙකු නොවනු ඇත.


නැවත ඔහු කතා කොට, “ඔබ මාගේ දූවරුන්ට වෙනස්කම් කළොත්, ඔබ මාගේ දූවරුන්ට අමතර ව වෙන භාර්යාවන් පාවාගතහොත්, කිසිවෙකු අප සමඟ නොසිටියත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතර සාක්ෂිකාරයාණන් බව සිහි කරන්න.


එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි:


රජු ද, “ඔබට විරුද්ධ ව කතා කරන අය මා ළඟට ගෙනෙන්න. එවිට ඔහු තවත් ඔබට අත නො‍ගසන්නේ ය”යි කී ය.


එවිට ස්ත්‍රිය, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට වචනයක් කියන්නට ඔබේ දාසීට අවසර ලැබේවා”යි කීවා ය. “කියන්නැ”යි ඔහු කී ය.


එවිට රජ ජෝවාබ්ට කතා කොට, “මෙන්න, ඔබේ ඉල්ලීම ඉටු කර දෙමි. ඔබ ගොස් තරුණ අබ්සලොම් කැඳවාගෙන එන්නැ”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්