එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
යොෂුවා 2:17 - Sinhala New Revised Version ඒ මිනිස්සු ද ඈට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබ අපෙන් ගත් දිවුරුම අපි ඉටු කරන්නෙමු. Sinhala New Revised Version 2018 ඒ මිනිස්සු ද ඈට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබ අපෙන් ගත් දිවුරුම අපි ඉටු කරන්නෙමු. Sinhala Revised Old Version ඒ මනුෂ්‍යයෝ: නුඹ අප දිවුරවාගත් මේ දිවුරුම ගැන අපි නිදොස්වන්නෙමුව. |
එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
“නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”
‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.
එසේ කරන්නට නම්, අප මේ දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙව් කවුළුවේ බැඳ තබා, ඔබේ පියා ද මව ද සහෝදරයන් ද පියාගේ ගෙයි වැසි සියල්ලන් ද ඔබ සමඟ නිවෙසට එක්රැස් කරගන්න.
එහෙත්, ඔබ අපේ මේ රහස් එළිදරව් කළොත්, ඔබ අප ලවා දිවුරුම් ගත් දිවුරුමෙන් අපි නිදහස් වන්නෙමු.”