දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.
යොෂුවා 18:14 - Sinhala New Revised Version එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය. Sinhala New Revised Version 2018 එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය. Sinhala Revised Old Version එතනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තෙහි හැරීගොස්, යූදා පුත්‍රයන්ගේ නුවරක්වූ කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවරවුණේය. බස්නාහිර පැත්ත මේය. |
දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.
සීමාව කන්ද මුදුනේ සිට නෙප්තොවාහි දිය උල්පතට එතැනින් එප්‍රොන් කන්දේ නගර දක්වා වැටී ගියේ ය. එතැනින් කිරියත්-ජෙයාරීම් වන බාලාට ගොස්,
එතැනින් සීමාව බෙතෙල් නම් වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසු කර, පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර් දක්වා වැටී තිබුණේ ය.
දකුණු පැත්ත කිරියත්-ජෙයාරීම්හි කෙළවර සිට පටන්ගෙන ඒ සීමාව බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත දක්වා විය.
ඉශ්රායෙල් සෙනඟ ගමන් කොට තුන් දවසකට පසු ඔවුන්ගේ නගරවලට පැමිණියෝ ය. ඒ නගර නම්: ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-ජෙයාරීම් යන මේවා ය.
එක කණ්ඩායමක් බෙත්-හෙරොන්ට යන දිශාවට ගියේ ය. අනෙක් කණ්ඩායම පාළුකරයට සහ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන දේශ සීමා දෙසට ගියේ ය.