Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 18:15 - Sinhala New Revised Version

15 දකුණු පැත්ත කිරියත්-ජෙයාරීම්හි කෙළවර සිට පටන්ගෙන ඒ සීමාව බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 දකුණු පැත්ත කිරියත්-ජෙයාරීම්හි කෙළවර සිට පටන්ගෙන ඒ සීමාව බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 දකුණු පැත්ත කිරියත්-යෙයාරීම්හි කෙළවර සිට පිහිටා තිබුණේය, සීමාවද බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත ළඟට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 18:15
4 හුවමාරු යොමු  

සීමාව කන්ද මුදුනේ සිට නෙප්තොවාහි දිය උල්පතට එතැනින් එප්‍රොන් කන්දේ නගර දක්වා වැටී ගියේ ය. එතැනින් කිරියත්-ජෙයාරීම් වන බාලාට ගොස්,


ඉශ්රායෙල් සෙනඟ ගමන් කොට තුන් දවසකට පසු ඔවුන්ගේ නගරවලට පැමිණියෝ ය. ඒ නගර නම්: ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-ජෙයාරීම් යන මේවා ය.


නැගෙනහිර සීමාව ජොර්දාන් ගඟේ මෝය දක්වා වන මළ මුහුද ය. උතුරු පැත්තේ සීමාව ජොර්දාන් ගඟේ කෙළවරෙහි වන මුහුදේ වරාය සිට ය.


එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්