යොෂුවා 1:8 - Sinhala New Revised Version මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත. Sinhala New Revised Version 2018 මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත. Sinhala Revised Old Version මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය. |
දේව ගරුබිය පිළිබඳ ව තමාට පහදා දුන් ශෙකරියාගේ දවස්වල දී ඔහු දෙවියන් වහන්සේ සෙවුවේ ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළ සේක.
මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි; ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි; මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.
නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”
යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි.
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
“ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය.
“එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.
උන් වහන්සේ ද, “එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
“මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේ ද, මට ප්‍රේම කරන්නේ ඔහු ය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ ද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මම ද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි”යි වදාළ සේක.
කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.
අපි ඔවුන්ගේ රට අල්ලාගෙන රූබන්ගේ පෙළපතටත්, ගාද්ගේ පෙළපතටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ඒ රට උරුම කොට දුනිමු.
එහෙත්, ඒ වචනය ඔබ ඉටු කරන පිණිස එය ඔබට ඉතා ළං ව, ඔබේ තොල් මත ද ඔබේ සිතෙහි ද ඇත්තේ ය.”
කූඩාරම් මංගල්‍යයේ දී දෙවි සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට, උන් වහන්සේ අබිමුවට මුළු ඉශ්රායෙල් ජනතාව ආ විට, ඔවුන් සියල්ලන්ට ඇසෙන පරිදි ඔබ මේ නීතිය කියවිය යුතු ය.
මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනයා කැඳවා ඔවුන්ට මෙසේ කී ය: “ඉශ්රායෙල්වරුනි, මෙදින මා ඔබට කියන්නට යන නීති හා නියෝගවලට සවන් දෙන්න. ඔබ ඒවා ඉගෙනගෙන, ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.
මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපණත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද!
“එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය.
ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.
මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.
ඉන්පසු ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිදි ආශීර්වාදයත්, සාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙව්වේ ය.
ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝ ය.