වත්කම් ඇති මිනිසෙකු නොදිරන ලීයක් සපයා ගෙන, නිපුණ කම්කරුවෙකු යොදවා ගෙන, තිරසර ලෙස තනාගත් පිළිමයට එතුමන් සමාන නැත.
යෙසායා 44:14 - Sinhala New Revised Version මේ රූපය නෙළීම සඳහා ඔහු කිහිරි ගසක් කපා ගන්නේ ය. එසේ නැත්නම්, වනයෙන් තීර්සා ගසක් හෝ ආලෝන ගසක් හෝ තෝරාගෙන එය වනයේ වැඩෙන්න ඉඩ හරින්නේ ය. එසේත් නැත්නම්, දේවදාර ගසක් සිටුවා එය ජලයෙන් පෝෂණය කරන්නේ ය. Sinhala New Revised Version 2018 මේ රූපය නෙළීම සඳහා ඔහු කිහිරි ගසක් කපා ගන්නේ ය. එසේ නැත්නම්, වනයෙන් තීර්සා ගසක් හෝ ආලෝන ගසක් හෝ තෝරාගෙන එය වනයේ වැඩෙන්න ඉඩ හරින්නේ ය. එසේත් නැත්නම්, දේවදාර ගසක් සිටුවා එය ජලයෙන් පෝෂණය කරන්නේ ය. Sinhala Revised Old Version ඔහු කිහිරි ගස් කපාගන්නේය. ඔහු තිර්සා ගහක්ද අලෝන ගහක්ද රැගෙන වනයේ ගස් අතරෙහි වවන්නේය. ඔහු දේවදාර ගහක් හිටවයි, ඒක වර්ෂාවෙන් වැවේ. |
වත්කම් ඇති මිනිසෙකු නොදිරන ලීයක් සපයා ගෙන, නිපුණ කම්කරුවෙකු යොදවා ගෙන, තිරසර ලෙස තනාගත් පිළිමයට එතුමන් සමාන නැත.
වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණු කර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණු කොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත්, මනුෂ්‍යයෙකුගේ ශෝභනකමේ ප්‍රකාරයටත් ඒක සාදන්නේ ය.
එය වැඩුණු විට ගසෙන් කොටසක් ගිනි දැල්වීම පිණිස යොදාගන්නේ ය. ඒ කොටසෙන් ගිනි තපින්නේ ය; එය පත්තු කොට රොටි ද පුළුස්සන්නේ ය. ඉතිරි කොටසින් ඔහු දේව රූපයක් නෙළා ගෙන ඊට නමස්කාර කරන්නේ ය; ඊට වැඳ වැටෙන්නේ ය.
මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.
ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත.