Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 44:14 - Sinhala Revised Old Version

14 ඔහු කිහිරි ගස් කපාගන්නේය. ඔහු තිර්සා ගහක්ද අලෝන ගහක්ද රැගෙන වනයේ ගස් අතරෙහි වවන්නේය. ඔහු දේවදාර ගහක් හිටවයි, ඒක වර්ෂාවෙන් වැවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මේ රූපය නෙළීම සඳහා ඔහු කිහිරි ගසක් කපා ගන්නේ ය. එසේ නැත්නම්, වනයෙන් තීර්සා ගසක් හෝ ආලෝන ගසක් හෝ තෝරාගෙන එය වනයේ වැඩෙන්න ඉඩ හරින්නේ ය. එසේත් නැත්නම්, දේවදාර ගසක් සිටුවා එය ජලයෙන් පෝෂණය කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මේ රූපය නෙළීම සඳහා ඔහු කිහිරි ගසක් කපා ගන්නේ ය. එසේ නැත්නම්, වනයෙන් තීර්සා ගසක් හෝ ආලෝන ගසක් හෝ තෝරාගෙන එය වනයේ වැඩෙන්න ඉඩ හරින්නේ ය. එසේත් නැත්නම්, දේවදාර ගසක් සිටුවා එය ජලයෙන් පෝෂණය කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 44:14
6 හුවමාරු යොමු  

එබඳු යාගයක් පිදීමට වත්කම නැති අය නොදිරන ගහක් තෝරාගනියි; ඔහු නොසෙල්වෙන කැපූ රූපයක් පිහිටුවන්ට දක්ෂ කම්කරුවෙකු සොයාගනියි.


ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තේම නැත.


මාගේ සෙනඟ තමුන්ගේ දණ්ඩෙන් විභාගකරති, ඔවුන්ගේ සැරයටියද ඔවුන්ට දන්වන්නේය. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් මුළාකෙරෙවුවේය, ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙන් වෙන්ව ගොස් වේශ්‍යාකම් කළෝය.


වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණුකර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණුකොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත් මනුෂ්‍යයෙකුගේ ශෝභනකම ප්‍රකාරයටත් ඒක සාදන්නේය.


එවිට ඒක ගිනිදැල්වීම පිණිස මනුෂ්‍යයෙකුට ලැබේ; ඔහු එයින් රැගෙන ගිනිතපින්නේය; එසේය, එය පත්තුකොට රොටිද පුලුස්සන්නේය. එයින් ඔහු දෙවිකෙනෙකුත් සාදා නමස්කාරකරන්නේය. එයින් රූපයක්ද තනා ඊට වැඳවැටෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්