ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද,
යෙසායා 40:26 - Sinhala New Revised Version අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ. Sinhala New Revised Version 2018 අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ. Sinhala Revised Old Version නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ. |
ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද,
මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක.
දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
සමිඳුන්ගේ පොත කියවා බලන්න; එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය. හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය. එය නියම කළේ සමිඳාණෝ ම ය. සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.
අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:
නුඹේ මැවුම්කාරයාත්, ගැළවුම්කාරයාත් වන සමිඳාණෝ මම ය. සියල්ලේ මැවුම්කාරයාණන් වන සමිඳාණෝ මම ය. අහස විදහා මැව්වේත්, මම ය. මා පොළොව මැවූ විට කිසිවෙකුගේ උදව්වක් මට වුවමනා නො වී ය.
පොළොව නිර්මාණය කෙළේ මම ය; ඒ පිට මිනිසුන් මැව්වේ මම ය; අහස විදහා පෑවේ මම ය; ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය,
ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
“මා කැඳවාගත් ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් පුත්‍රයෙනි, මට සවන් දෙන්න. පටන්ගැන්ම මම ය; අවසානය ද මම ය; දෙවිඳාණෝ මම ය.
පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.
නුඹලාගේ ඇස් ඔසවා ඉහළ අහස දෙස බලන්න. පහළ පොළොව දෙස බලන්න. අහස දුම මෙන් පහ වී යන්නේ ය; පොළොව පරණ වස්ත්‍රයක් මෙන් දිරාපත් වන්නේ ය. එහි සිටින සියලු දෙනා ම පණුවන් මෙන් විනාශ වන්නෝ ය. එහෙත්, මා ගෙන දෙන ගැළවීම සදහට ම පවතින්නේ ය. මාගේ යුක්තියට කෙළවරක් නොවන්නේ ය.
මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.
ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය.