සෙනඟ ගොස් සිරියන්වරුන්ගේ කඳවුර කොල්ලකෑ හ. මෙසේ සමිඳාණන් වහන්සේ වදාළ ලෙස රිදී කාසි එකකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද රිදී කාසි එකකට යව කිලෝග්‍රෑම් හයක් ද විකුණන්නට යෙදුණේ ය.
යෙසායා 33:23 - Sinhala New Revised Version රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක. Sinhala New Revised Version 2018 රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක. Sinhala Revised Old Version නුඹේ යොත් බුරුල්වී තිබේ; ඒවායින් කුඹගහ කෙළින් හිටවන්ටවත් රුවල විදහන්ටවත් නුපුළුවන්විය. එවිට මහත් කොල්ලයක් බෙදාගන්නාලද්දේය; |
සෙනඟ ගොස් සිරියන්වරුන්ගේ කඳවුර කොල්ලකෑ හ. මෙසේ සමිඳාණන් වහන්සේ වදාළ ලෙස රිදී කාසි එකකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද රිදී කාසි එකකට යව කිලෝග්‍රෑම් හයක් ද විකුණන්නට යෙදුණේ ය.
ඒ කුෂ්ඨ රෝගීන් කඳවුරේ සීමාවට පැමිණි විට, ඔව්හු එක් කූඩාරමකට ඇතුළු වී කා බී, එතැනින් රන් රිදී වස්ත්‍ර රැගෙන ගොස්, සඟවා තබා, නැවත හැරී අවුත්, වෙන කූඩාරමකට ඇතුළු වී, එතැනිනුත් ඒවා රැගෙන ගොස් සඟවා තැබූ හ.
ජෙහෝෂාපාට් ද ඔහුගේ සෙනඟ ද ඔවුන්ගෙන් කොල්ලය ගන්න ආ කල, ගවයන් ද වස්තුව ද වස්ත්‍ර ද අනර්ඝ බඩු ද ඔවුන්ට සම්බ විය. ගෙනයන්න බැරි තරමට ඔව්හු ඒවා එකතු කරගත්තෝ ය. කොල්ලය අධික බැවින් ඔව්හු තුන් දවසක් ඒවා එකතු කරමින් සිටියහ.
බැටළු රැළ රකිමින් ගෙදර සිටින බවලත්හු කොල්ලය බෙදා ගන්නෝ ය. ඒ කොල්ලයේ රිදී කොබෙයි රූප විය. අත්තටු පච්ච පාට රනින් ද ඔප දමා තිබුණේ ය.
කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.
සමිඳාණෝ සිය තේජාලංකාරය අපට පෙන්වන සේක. එතුමාණෝ ගංගා හා දිය ඇලවල් අසල වැඩ සිටින සේක. සතුරු නැව් එහි යාත්‍රා නොකරන්නේ ය.
දළඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ලකෑ වස්තුව රැස් කෙරේ. පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත.
කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය. මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය.
ෂෙබාවරු සහ දෙදාන්වරු ද තර්ෂිෂ්හි වෙළෙන්දෝ ද එහි අධිපතියෝ ද නුඹට කතා කොට, ‘නුඹ කොල්ලකන්න පැමිණියෙහි ද? නුඹේ සේනාව නුඹ රැස් කරගන්නේ සම්පත් උදුරා ගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන් ද සම්පත් ද අල්ලා, බොහෝ කොල්ල ලබා යන පිණිස දැ’යි අසන්නෝ ය.
එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක.
එහෙත්, දාවිත් සහ සෙනඟ හාරසියදෙනෙක් ලුහුබැඳ ගියහ. බෙසොර් ඔයෙන් යාමට බැරි තරම් වෙහෙස ව සිටි මිනිසුන් දෙසියයක් නතර වූ හ.