Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 33:23 - Sinhala Revised Old Version

23 නුඹේ යොත් බුරුල්වී තිබේ; ඒවායින් කුඹගහ කෙළින් හිටවන්ටවත් රුවල විදහන්ටවත් නුපුළුවන්විය. එවිට මහත් කොල්ලයක් බෙදාගන්නාලද්දේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 33:23
17 හුවමාරු යොමු  

ඒ කුෂ්ඨරෝගීන් කඳවුරේ සීමාවට පැමුණුණ විට ඔව්හු එක් කූඩාරමකට ඇතුල්වී කා බී, එතනින් රන් රිදී සහ වස්ත්‍ර රැගෙන ගොස් සඟවා තබා, නැවත හැරී ඇවිත් වෙන කූඩාරමකට ඇතුල්වී, එතැනිනුත් රැගෙන ගොස් සඟවා තැබුවෝය.


නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක;


සේනාවන්ගේ රජවරු පලායති, ඔව්හු පලායති. ගෙදර සිටින තැනැත්තීද කොල්ලය බෙදාගන්නීය.


තුන්වෙනිදා තමුන්ගේම අත්වලින් නැවේ උපකරණ වීසිකළෝය.


එසේය, එහි ස්වාමීන්වහන්සේ මහිමයෙන් යුක්තව අප සමඟ වනසේක, එය පළල් ගංගා සහ ඔයවල් ඇති ස්ථානයක්ය; හබල්වලින් පදින නැවක් එහි නොයන්නේය, මහ නෞකාවක්ද ඒ ළඟින් යාත්‍රා නොකරන්නේය.


දළඹුවා එකතුකරන්නාක්මෙන් නුඹලාගෙන් කොල්ලය එකතුකරනු ලබන්නේය. පළඟැටියන් පනින්නාක්මෙන් ඔව්හු ඒ පිටට පනින්නෝය.


කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.


යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.


සෙනඟ ගොස් සිරියවරුන්ගේ කඳවුර කොල්ල කෑවෝය. මෙසේ ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ෂෙකෙලයකට සිහින් පිටි නැළියක්ද ෂෙකෙලයකට යව නැළි දෙකක්ද විකිණෙන්ට යෙදුණේය.


එහෙත් දාවිත් සහ මිනිසුන් හාරසියයක් එළවාගන ගියෝය. බෙසොර් ඔයෙන් එගොඩට යන්ට බැරිතරම් වෙහෙසව සිටියාවූ මිනිසුන් දෙසියයක් නැවතුණෝය.


එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.


ෂෙබාවරු සහ දෙදාන්වරුද තර්ෂිෂ්හි වෙළෙන්දෝද එහි සියලු තරුණ සිංහයෝද නුඹට කථාකොට: නුඹ කොල්ලකන්ට ආයෙහිද? නුඹේ සේනාව නුඹ රැස්කරගත්තේ සම්පත් උදුරාගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන්ද සම්පත්ද අල්ලා, බොහෝ කොල්ල ලබාගන යන පිණිසදැයි අසන්නාහුය.


රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ නුඹලා බැටළු ගාල්වල සයනය කරන්නහුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්