යෙසායා 32:18 - Sinhala New Revised Version දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය. Sinhala New Revised Version 2018 දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය. Sinhala Revised Old Version මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය. |
දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක.
මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.
තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක.
වෙහෙස වූ ඔබට විවේකයත්, සැප පහසුවත් දෙන්න එතුමන් පොරොන්දු වූ නමුත්, එතුමන්ට සවන් දෙන්න ඔබ කැමැති නොවූවහු ය.
ඉශ්රායෙල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමීන් සිය සෙනඟට කතා කොට, “ආපසු හැරී අවුත් සන්සුන් ව මා කෙරෙහි අදහාගන්න. එවිට නුඹලා ගැළවී, සුරක්ෂිත ව සිටින්නහු ය”යි වදාරන සේක. එහෙත්, නුඹලා එය ප්‍රතික්ෂේප කළහු ය.
එතුමාණෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක. එතුමාණෝ නිරන්තරයෙන් සිය සෙනඟ ආරක්ෂා කොට ප්‍රඥාවත්, දැනගැන්මත් ඔවුන්ට දෙන සේක. සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔව්හු උසස් වස්තුවක් සේ අගය කරති.
ජුදාගේ වංශයට අයත් ඉශ්රායෙල්වරුන් මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පරම්පරාව මාගේ දේශයත්, කඳුත් උරුම කරගන්නෝ ය. මට සේවය කරන්නන් එහි වාසය කරනු ඇත.
ඒ කාලය පැමිණි විට ජුදාහි වැසියෝ ගළවනු ලබන්නෝ ය; ජෙරුසලමේ වැසියෝ ද සුව සේ වාසය කරන්නෝ ය. ඔවුන් සිය දේශයට දෙන නාමය, ‘සමිඳාණන් වහන්සේ අපේ මිදුම්කාරයාණෝ ය’ යනුයි.
විජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝ ය. මේ රටේ වන මෘගයන් උන් කන්නේ නැත; කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත; ඔවුන් සුව සේ වාසය කරනු ඇත.
‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
මේ දර්ශනවලින් පසු සියලු බලැති සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ කොල්ලකෑ ජාතීන් වෙත තේජාන්විත සේවය සඳහා මා යවමින් මෙසේ වදාරන සේක:
ඒ දවස පැමිණි විට නුඹලාගේ මිදිවැල් හා අත්තික්කා ගස් යට නුඹලා එකිනෙකාට සංග්‍රහ කරනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.