Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 65:21 - Sinhala New Revised Version

21 ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 65:21
11 හුවමාරු යොමු  

මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය. ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය. ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය.


දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.


එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කී ය: “සිදු වන්න යන දේ පිළිබඳ ව මෙන්න ඔබට ලකුණක්: මේ අවුරුද්දේ ඉබේ හටගත් දෙයින් ඔබ කන්නෙහි ය; දෙ වන අවුරුද්දේ ඔබට කන්න ලැබෙන්නේ එයින් ඇති වන දෙයයි. තුන් වන අවුරුද්දේ දී ඔබට ධාන්‍ය වපුරා අස්වැන්න කපාගන්නත්, මිදි වතු වවා මිදි පල කන්නත් හැකි වන්නේ ය.


මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය.


ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ.


ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.


දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්