ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 32:13 - Sinhala New Revised Version

මාගේ සෙනඟගේ ඉඩම්වල කටු පඳුරු ද ගොකටු ද හටගන්නේ ය. සොම්නසින් පිනා ගිය සියලු ම ප්‍රීතිය ඇති නගරයේ ගෙවල එසේ වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාගේ සෙනඟගේ ඉඩම්වල කටු පඳුරු ද ගොකටු ද හටගන්නේ ය. සොම්නසින් පිනා ගිය සියලු ම ප්‍රීතිය ඇති නගරයේ ගෙවල එසේ වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ සෙනඟගේ බිම්වල කටුද ගොකටුද හටගන්නේය; ප්‍රීතිමත් නගරයේ සියලුම ප්‍රිය ගෙවල්වල පවා එසේ වන්නේය.

පරිච්ඡේදය බලන්න



යෙසායා 32:13
20 හුවමාරු යොමු  

එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය.


මුළු නගරය ඔල්වර හඬින් ද ඝෝෂාවෙන් ද කලබලයෙන් ද පිරී ඇත. මේ යුද්ධයේ දී මැරුම් කෑ අය මැරුණේ කඩුවෙන් හෝ සටනේ දී හෝ නොවේ.


මෙය මීට බොහෝ ඈත කාලයක දී පිහිටුවන ලද ප්‍රීතිමත් නගරය විය හැකි ද? යටත් විජිත පිහිටුවන පිණිස මුහුදින් එතෙර පදිංචිකාරයන් යවන ලද්දේ මේ නගරයෙන් ද?


ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.


මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති. ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත. දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත.


බලකොටුවලින් ආරක්ෂා කරන ලද නුවර නටබුන් වී ඇත; පාළු කාන්තාරයක් මෙන් එය ජනහීන වී ඇත. වස්සා එහි තණ කනු ඇත; එහි ලැග අතු බුදිනු ඇත.


එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය. ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.


හෙක්ටාර් දහයක මිදි වත්තකින් ලැබෙන්නේ මිදියුස ලීටර් අටක් පමණකි. බිත්තර වී ලීටර් එකසිය අසූවකින් ලැබෙන්නේ ධාන්‍ය ලීටර් දහඅටකි.”


එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”


කටු ගස් වෙනුවට දේවදාර ගස් ද ගොකටු වෙනුවට මරඳ ගස් ද හටගනියි. මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය. එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.”


එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.


“ඒ කාලය පැමිණි විට රිදී මිළ දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම මිදි වතුවල කටු ගස් ද ගොකටු ද හටගැනෙනු ඇත.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ජෙරුසලමේ ඇති ගෙවල් ද ජුදාවේ රාජ මාලිගාව ද බිඳ හෙළා ගොඩනඟන ලද පස් කඳුවලට විරුද්ධ ව බබිලෝනිවරුන් සමඟ සටන් කරන්නට ගියොත්, මාගේ උදහසින් ද කෝපයෙන් ද ගසා දමන අයගේ මළකඳන්වලින් නගරය පිරී යනු ඇත. සෙනඟ කර ඇති දුෂ්ට ක්‍රියා නිසා මම මේ නගරයෙන් ඉවතට හැරී සිටිමි.


බබිලෝනිවරු රජ මැදුර සහ සෙනඟගේ ගෙවල් ගිනි ලා, ජෙරුසලමේ පවුරු කඩාදැමුවෝ ය.


බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මැරෙව්වේ ය. මෙසේ ජුදාවරු සිය දේශයෙන් වහල්කමට ගෙන යන ලදහ.


ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”


එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.


ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය.