ඔබේ තෝරාගත් සෙනඟගේ ශුභසිද්ධිය දකින්නත්, ඔබට අයිති අය සමඟ ජය ගී ගයන්නත්, ඔබේ උරුමයෙන් මහිමය ලබන්නත් මට ඉඩ දුන මැනව.
යෙසායා 26:2 - Sinhala New Revised Version හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව. Sinhala New Revised Version 2018 හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව. Sinhala Revised Old Version විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න. |
ඔබේ තෝරාගත් සෙනඟගේ ශුභසිද්ධිය දකින්නත්, ඔබට අයිති අය සමඟ ජය ගී ගයන්නත්, ඔබේ උරුමයෙන් මහිමය ලබන්නත් මට ඉඩ දුන මැනව.
ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.
නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”
එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.
ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.
නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.
ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.
සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.
මම සියොන් උදෙසාත්, ජෙරුසලම උදෙසාත් නිහඬ ව නොසිටින්නෙමි. එහි දැහැමි බව දීපකයක් මෙන් ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන් ද බැබළෙන තෙක් නිශ්ශබ්ද ව නොසිටින්නෙමි.
ජෙරුසලම් ජනයෙනි, පිට වී යන්න; දොරටුවලින් පිට වී ගොස් ආපසු එන සෙනඟට මාර්ගයක් පිළියෙළ කරන්න. මහා මාවත් ඉදිකරන්න; ගල් ඉවත් කරන්න. ජනයන්ට ධජ සංකේතය ඔසවන්න.
එම්බා ජෙරුසලම! ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත. සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලවත් රටවලින් හා බලවත් නගරවලින් සෙනඟ ජෙරුසලමට එන කාලය පැමිණෙන්නේ ය.
දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.
එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.
එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක් ද නව පොළොවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු.
ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්‍රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්‍යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.
ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ: “පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය. මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.