යෙසායා 25:2 - Sinhala New Revised Version ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක. අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත. ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ. Sinhala New Revised Version 2018 ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක. අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත. ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ. Sinhala Revised Old Version එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය. |
මින් මතු කවදාවත් එහි කිසිවෙක් නොවසන්නෝ ය. කිසිම අරාබි ජාතිකයෙකු තමාගේ කූඩාරම එහි ගසන්නේ වත්, කිසිම එඬේරෙකු තමාගේ බැටළුවන් එහි ලග්ගවන්නේ වත් නැත.
වන මෘගයන් එහි ලගිනු ඇත; බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත.
එහි ඇති කොත්වලත්, මාලිගාවලත් නරියන් හා සිවලුන් කෑගසනු ඇත. බබිලෝනියේ විනාශයේ දවස දැන් පැමිණ ඇත. එය වැඩි කල් පවතින්නේ නැත.”
මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
දමස්කය පිළිබඳ දේව ප්‍රකාශනය මෙය ය: සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය. එය නටබුන් ගොඩක් වන්නේ ය.
ඉශ්රායෙල් බලකොටු බිඳ වැටෙන්නේ ය; දමස්ක ආධිපත්‍යය නැති වන්නේ ය. ඉශ්රායෙල් සෙනඟට වූවාක් මෙන් ඉතිරි වන සිරියන්වරුන්ගේත් යසඉසුරු පහ වී යන්නේ ය.
හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති; මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය.
සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.
තීර් දේශය වන සතුන් විසින් වනසනු ලබන පිණිස මඟ පෑදුවෝ අසිරියන්වරු නොවෙති; වැටලීමේ කොත් ගොඩනඟා තීර්හි බලකොටු බිඳදමා නගරය සුන්බුන් කළෝ බබිලෝනිවරු ය.
සමිඳාණන් වහන්සේ උස් පවුරු සමඟ මෝවබ්හි බලකොටු සිඳ බිඳදමන සේක. ඒවා දූවිල්ලෙහි හෙළාදමන සේක.
එතුමාණෝ උඩඟු අය පහත් කළ සේක; ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක. එහි පවුරු පොඩිපට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක.
බලකොටුවලින් ආරක්ෂා කරන ලද නුවර නටබුන් වී ඇත; පාළු කාන්තාරයක් මෙන් එය ජනහීන වී ඇත. වස්සා එහි තණ කනු ඇත; එහි ලැග අතු බුදිනු ඇත.
රජමැදුර පවා හිස් වන්නේ ය, අගනුවර ද සම්පූර්ණයෙන් පාළු වන්නේ ය; ගෙවල් ද මුරකොටු ද සදහට ම නටබුන් වන්නේ ය; වල් කොටළුවන් එහි ලගිනු ඇත; ඒවා බැටළුවන්ට තණ බිම් වන්නේ ය.
එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය. ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.
මේ සියල්ල කරන්න මා පුරාණයේ සිට ම අදහස් කර අධිෂ්ඨාන කළ බව නුඹ නොදන්නෙහි ද? ඒවා දැන් මම ඉටු කෙළෙමි. පවුරු ඇති නගර නාස්ති කොට ඒවා නටබුන් ගොඩවල් කරන්න නුඹට බලය දුන්නේ මම ය.
ගොඩනැඟිල්ලක කොණකට ගලක් වත්, අත්තිවාරම්වලට ගලක් වත් නුඹෙන් ගනු නොලැබේ. නුඹ සදාකාලයට ම පාළුකරයක් වන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
සමිඳාණන් වහන්සේ කතා කොට, “මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.
ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය.
ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, “අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය.