ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 13:12 - Sinhala New Revised Version

මිනිසුන් අගනා රනටත් වඩා දුර්ලභ වන්නෝ ය. ඔව්හු ඕපීර් රනට වඩා දුර්ලභ වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මිනිසුන් අගනා රනටත් වඩා දුර්ලභ වන්නෝ ය. ඔව්හු ඕපීර් රනට වඩා දුර්ලභ වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම මනුෂ්‍යයෙකු අමිශ්‍ර රනට වඩා එනම් ඕපීර්හි පවිත්‍ර රත්රන්වලට වඩා දුර්ලභවන්ට සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න



යෙසායා 13:12
11 හුවමාරු යොමු  

ඔව්හු ඕපීර් නම් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් දාහතරදාහක් සලමොන් රජු වෙත ගෙනාහ.


ඕපීර් ද හවීලා ද ජෝබාබ් ද උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.


එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.


තිගේ ළදරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්ත ය.


ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.


ඉතිරි වන්නේ, ළමයෙකුට වුව ද ගණන් කළ හැකි ගස් ස්වල්පයක් පමණකි.”


එබැවින් දෙවිඳුන් පොළොව විනාශ කිරීමට සාපයක් එවා ඇත. ඔව්හු තමන් කළ දේට දැන් වන්දි ගෙවති. ජීවත් වී සිටින සෙනඟගේ ගණන එන්න එන්න අඩුවේගෙන යයි. ඉතිරි වන්නේ ටික දෙනෙකි.


ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, “තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.


එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.


මම ජනයා ඈතට පහකර දමා මුළු දේශය පාළු කරන්නෙමි.