Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 4:1 - Sinhala New Revised Version

1 ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, “තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, “තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ඒ කාලයේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක පුරුෂයෙකු අල්ලාගෙන: අපි අපේම කෑම කන්නෙමුව, අපේම වස්ත්‍ර අඳින්නෙමුව. නුඹේ නම පමණක් අපට ලැබේවා; අපේ නින්දාව පහකරන්නැයි කියන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 4:1
15 හුවමාරු යොමු  

ඈ ද ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ නින්දාව පහකළ සේකැ”යි කියමින්,


එබැවින් සාවුල්ගේ දුව වන මීකල්ට මැරෙන තුරු දරුවෙක් නො‍ලැබුණේ ය.


ඉශ්රායෙල්හි ගැළවී ඉතිරි වූ කුඩා පිරිස තමන් විනාශ කරන්න උත්සාහ කළ ජාතිය කෙරෙහි තවත් විශ්වාසය නොතබන කාලයක් පැමිණෙන්නේ ය. ඔව්හු ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ විශ්වාසය සැබෑ ලෙස තබන්නෝ ය.


මිනිසුන් අගනා රනටත් වඩා දුර්ලභ වන්නෝ ය. ඔව්හු ඕපීර් රනට වඩා දුර්ලභ වන්නෝ ය.


ඒ දවස පැමිණි විට සෙනඟ තමන්ගේ මැවුම්කාරයාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවියන් වහන්සේ වෙත පිහිට සොයා හැරෙන්නෝ ය.


මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.


ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය; අභිමානය සිඳී යන්නේ ය; සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.


එක් වංශයකට අයිති අය තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන, “ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත; ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ අපේ නායකයා වන්නැ”යි කියන කාලයක් පැමිණෙන්නේ ය.


බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.


මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි.


“ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙ‍කල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය.


මන්ද, ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස එය විනිශ්චය දවස වන්නේ ය.


එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට, සිය දිවි පෙවෙත උපයාගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු.


සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණු බැවින්, ඇගේ විරුද්ධකාරී ඈ කෝප කරවන පිණිස ඈට නින්දා කළා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්