යාකොබ් 2:3 - Sinhala New Revised Version ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, “කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, “උඹ ඔතන හිටපන්”, නැත්නම් “මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්, සිංහල කාලීන පරිවර්තනය ඔබ අර වටිනා ඇඳුම් හැඳි කෙනා අමතමින්, “එන්න, මේ හොඳ පහසු තැනකින් වාඩි වන්නැ” යි කියා, දුගී මිනිසා වෙත හැරී, “ඔන්න ඔහෙන් ඉන්නවා” ය කියා හෝ, “මේ මගේ පා අසලින් ඉඳගන්නවා” කියා කියන්නේ නම්, Sinhala New Revised Version 2018 ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, “කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, “උඹ ඔතන හිටපන්”, නැත්නම් “මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්, Sinhala Revised Old Version නුඹලා අලංකාර වස්ත්‍ර පැළඳගන ඉන්න අය සලකා: මෙහි හොඳ තැනක හිඳගන්ටය කියාද, දිළින්දාට: නුඹ ඔහේ සිටින්න, නොහොත් මාගේ පාපුටුව ළඟ ඉඳගන්නැයි කියාද, කියනවා නම්, |
‘මා ශුද්ධ බැවින් මට ළං නොවී ඈතින් සිටින්නැ’යි ඔව්හු කියති. ඔවුන් කෙරෙහි මාගේ කෝපය නාසයට වැදෙන දුමක් ද නොනිවෙන ගින්නක් ද හා සමාන ය.
හෙරොද් තමාගේ සෙබළුන් සමඟ උන් වහන්සේ හෙළා දකිමින් සරදම් කොට, විචිත්‍ර වස්ත්‍රයක් හඳවා, උන් වහන්සේ පිලාත් වෙත පෙරළා යැවී ය.
අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.
රන් මුදු පැළඳ, ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් කෙනෙක් ද වැරහැලි ඇඳගත් දිළින්දෙක් ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යයි සිතමු.
එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,
මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.