පිලිප්පි 2:23 - Sinhala New Revised Version එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි. සිංහල කාලීන පරිවර්තනය එනිසා මෙහිදී මට කුමක් වේදැයි දැනගත් විගස, ඔබ වෙත ඔහු එවීම මාගේ බලාපොරොත්තුවයි. Sinhala New Revised Version 2018 එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි. Sinhala Revised Old Version එබැවින් මාගේ කාරණා කොයි ආකාරවේද කියා මම දුටු කෙණෙහිම, ඔහු එවන්ට බලාපොරොත්තුවෙමි. |
ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණිස, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නම් තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි.
දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස්, මෝවබ් රජුට කතා කොට, “දෙවියන් වහන්සේ මට කරන්නට යන්නේ කුමක් දැ යි මා දැනගන්න තුරු මාගේ මවුපියන්ට ඔබ වෙත අවුත් සිටින්නට අවසර ලැබේ වා”යි කී ය.