ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.
ප්‍රේම ගී 5:8 - Sinhala New Revised Version ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න. Sinhala New Revised Version 2018 ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න. Sinhala Revised Old Version යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා නුඹලාට සම්බවුණොත්, මා ප්‍රේමාතුරව සිටින බව දන්වන ලෙස නුඹලා දිවුරවමි. |
ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.
වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි.
ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න.
“ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙන අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කෙතේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා මට පොරොන්දු වන්න.”
සහෝදරවරුනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා ද ශුද්ධාත්මයාණන්ගෙන් නික්මෙන ප්‍රේමය නිසා ද මම ඔබගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කරමි. ඒ ඉල්ලීම නම් ජුදයෙහි සිටින අභක්තිකයන් අතට මා අසු නොවන පිණිසත්,
එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;