Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 1:5 - Sinhala New Revised Version

5 ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 1:5
29 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.


එහෙත් පියා සිය මෙ‍හෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;


ඔහුගේ මුඛය ඉතා මිහිරි ය. එසේ ය, ඔහු මුළුමනින් ම පියකරු ය. ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා මේ ආකාර ය; මාගේ මිත්‍රයා මෙබන්දෙක් ය.


ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න.


කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.”


ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න.


මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.


ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.


“අහෝ! ජෙරුසලම, දිවැසිවරයන් නසන, තී වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙ‍න්, තිගේ දරු කැල එක්රැස් කරගන්නට මම කී වරක් කැමැති වීම් ද? එහෙත් ඔබ කැමැති වූයේ නැත.


එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක,


ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන් ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන් ද සෑහීමට පත් විය යුතු ය. ඔව්හු ගෘහ මූලිකයාට ‘බෙල්සෙබුල්’ යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත් ද?”


නුඹේ ශෝභනකම නිසා නුඹේ යසගොස දස දෙස පැතිර ගියේ ය. මක්නිසා ද, මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ වී ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.


මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.


කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති; උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති. සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.


මාගේ සොඳුරිය, ඔබ තිර්සා නගරය මෙන් අලංකාර ය. ජෙරුසලම මෙන් ශෝභන ය. කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න ව සිටින්නෙහි ය.


ඔබේ තොල් රතු නූල් මෙන් ය. ඔබේ මුඛය ශෝභමාන ය. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් මෙන් ය.


බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති.


උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර,


එහෙත් නිවහල් ස්ත්‍රිය නම් ස්වර්ගීය ජෙරුසලම යි. ඒ අපගේ මාතාව ය.


මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය. එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත; මන පිනවන ශෝභමානකමක් ද නැත;


ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට දිවුරුම් දෙන්න.


එහි කණු රිදීයෙන් ද එහි වහල රනින් ද සාදන ලදී. එහි ආසන ජෙරුසලම් කාන්තාවන් විසින් ආදරයෙන් වියන ලද රත්නිල් රෙදිවලින් වසා ඇත.


“ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙන අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කෙතේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා මට පොරොන්දු වන්න.”


සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක.


අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!


ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.


එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “හරියට තව අවුරුද්දකින් කේදාර්හි ගෝත්‍රවල බලය නැතිවී යන්නේ ය.


අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹේ හොඳ ම වෙළෙන්දන් මෙන් සිට නුඹ සමඟ බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද වෙළෙඳාම් කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්