එසේ වී නමුත්, මාගේ සේවය හා විදේශීය රාජ්‍යයන්ගේ සේවය අතර වෙනස ඔවුන් දැනගන්න පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ ය”යි වදාළ සේක.
නෙහෙමියා 9:36 - Sinhala New Revised Version මෙන්න අපි දැනට දාසයන් වී සිටිමු. භූමියේ උපදින ඵල ද හොඳ දේවල් ද භුක්තිවිඳීමට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහි ම අපි දාසයන් වී සිටිමු. Sinhala New Revised Version 2018 මෙන්න අපි දැනට දාසයන් වී සිටිමු. භූමියේ උපදින ඵල ද හොඳ දේවල් ද භුක්තිවිඳීමට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහි ම අපි දාසයන් වී සිටිමු. Sinhala Revised Old Version මෙන්න, අපි දැනට දාසයෝය, උපදින ඵලද හොඳ දේවල්ද භුක්තිවිඳින්ට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහිම මෙන්න, අපි දාසයෝව සිටිමුව. |
එසේ වී නමුත්, මාගේ සේවය හා විදේශීය රාජ්‍යයන්ගේ සේවය අතර වෙනස ඔවුන් දැනගන්න පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ ය”යි වදාළ සේක.
මන්ද, අපි වහල්ලු ය; එහෙත්, අපේ වහල්කමේ දී අපේ දෙවියන් වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමටත්, එහි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ජුදාහි ද ජෙරුසලමෙහි ද අපට සුරැකි ව විසීමටත් පර්සියාවේ රජවරුන් අභිමුවෙහි අපට කරුණාව පෙන්නූ සේක.
උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නෝ ය.