Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:35 - Sinhala New Revised Version

35 ඔවුන් සිය රජවරුන් යටතේ ඔබ ඔවුන්ට දුන් සෞභාග්‍යය භුක්තිවිඳින විට ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේ දී ද ඔබට සේවය කෙළේ වත්, තමන්ගේ නපුරු ක්‍රියාවලින් වෙන් වුණේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඔවුන් සිය රජවරුන් යටතේ ඔබ ඔවුන්ට දුන් සෞභාග්‍යය භුක්තිවිඳින විට ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේ දී ද ඔබට සේවය කෙළේ වත්, තමන්ගේ නපුරු ක්‍රියාවලින් වෙන් වුණේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 ඔවුන් තමුන්ගේ රාජ්‍යයේදීද ඔබ ඔවුන්ට දුන් මහත් යහපත්කමින්ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේදීද ඔබට සේවයකළේවත්, තමුන්ගේ නපුරු ක්‍රියාවලින් අහක්වුණේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:35
11 හුවමාරු යොමු  

සියලු සම්පතින් සමෘද්ධ ව සිටිය දී දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රීතියෙන් ද සතුටු සිතින් ද සේවය නොකළ බැවින්


තවද, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සියල්ල අපට කෙළේ මන්දැ”යි සෙනඟ අසන කල, “ ‘නුඹලා මා අත්හැර නුඹලාගේ දේශයේ දී විජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කළ ලෙස ම, නුඹලාට අයිති නැති දේශයක දී විජාතීන්ට නුඹලා සේවය කරන්නහු යැ’යි ඔවුන්ට කියන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


ඔව්හු පවුරු ඇති නගර ද සශ්‍රීක රටක් ද අල්ලාගෙන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල් ද කණින ලද තටාක ද මිදි වතු ද ඔලීව වතු ද පල දෙන බොහෝ ගස් ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට, තෘප්තියට පැමිණ, තර වී, ඔබේ මහා යහපත්කම කරණකොටගෙන සැපෙන් පසු වූවෝ ය.


ඔවුන් පිට බොහෝ විපත්ති හා දුක්කරදර පැමිණෙන විට, ඔවුන්ගේ දරුමුණුබුරන්ට එම ගීතය අමතක නොවන බැවින් එය සාක්ෂිකරුවෙකු මෙන් ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙනු ඇත. මන්ද, මා දිවුළ දේශයට ඔවුන් ගෙනෙන්නට කලින්, දැනට ම මම ඔවුන්ගේ සිතුම් පැතුම් දනිමි.”


අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද අපේ පූජකයන් ද අපේ පියවරුන් ද ඔබේ ව්‍යවස්ථාව පැවැත්වූයේ වත්, ඔබේ ආඥාවලට ද ඔබ ඔවුන්ට කළ ඔබේ අවවාදවලට ද සවන් දුන්නේ වත් නැත.


සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.


උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නෝ ය.


දුෂ්ටකම් කොට ජාතීන්ට වඩා මාගේ නියෝගයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පණත්වලටත් විරුද්ධ ව ඈ කැරලි ගැසුවා ය. මන්ද, ජෙරුසලම් වැසියෝ මාගේ විනිශ්චය එපා කළෝ ය. මාගේ අණපණත් ප්‍රකාරයට නොහැසුරුණෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්