Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:36 - Sinhala Revised Old Version

36 මෙන්න, අපි දැනට දාසයෝය, උපදින ඵලද හොඳ දේවල්ද භුක්තිවිඳින්ට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහිම මෙන්න, අපි දාසයෝව සිටිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 මෙන්න අපි දැනට දාසයන් වී සිටිමු. භූමියේ උපදින ඵල ද හොඳ දේවල් ද භුක්තිවිඳීමට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහි ම අපි දාසයන් වී සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 මෙන්න අපි දැනට දාසයන් වී සිටිමු. භූමියේ උපදින ඵල ද හොඳ දේවල් ද භුක්තිවිඳීමට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහි ම අපි දාසයන් වී සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:36
5 හුවමාරු යොමු  

මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යූදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.


ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.


එසේවී නුමුත් මාගේ සේවයද දේශවල රාජ්‍යයන්ගේ සේවයද ඔවුන් දැනගන්නා පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ යයි වදාළසේක.


අප ලුහුබඳින්නෝ අපට ඉතා ආසන්නය. අපි වෙහෙසුණෙමුව, අපට සහනයක් නැත.


අපි අපේම වතුර මිලේට ගෙන බීමුව, අපේම දර අපට විකුණනු ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්