ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 3:17 - Sinhala New Revised Version

ඔහුට පසු ව, ලෙවීවරු බානීගේ පුත් රෙහුම් යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුට පසු ව, ලෙවීවරු බානීගේ පුත් රෙහුම් යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු ගාව ලෙවීවරු බානීගේ පුත්‍රවූ රෙහුම් [යටතේ] අලුත්වැඩියාකළෝය. ඔහු ගාව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියාකෙළේය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 3:17
8 හුවමාරු යොමු  

මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.


ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්;


ඔහුට පසු ව බෙත්-ශුර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ අශ්බුක්ගේ පුත් නෙහෙමියා දාවිත්ගේ සොහොන ඉදිරිපිටට පැමිණෙන තුරුත්, සාදන ලද පොකුණ දක්වාත්, බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියා කෙළේ ය.


ඔහුට පසු ව ඔහුගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.


ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හුර්ගේ පුත් රෙපායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.


එවිට ජේෂුවා ද බානී ද කද්මියෙල් ද ෂෙබනියා ද බුන්නී ද ෂෙරෙබියා ද බානී ද කෙනානි ද ලෙවීවරුන්ගේ වේදිකාවේ උඩ සිට මහා හඬකින් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කළෝ ය.


කෙයිලා ද අක්ශීබ් ද මරේෂා ද යන නගර නවය සහ ඒවායේ ගම් ද යන මේවා ය.