Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 3:17 - Sinhala Revised Old Version

17 ඔහු ගාව ලෙවීවරු බානීගේ පුත්‍රවූ රෙහුම් [යටතේ] අලුත්වැඩියාකළෝය. ඔහු ගාව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔහුට පසු ව, ලෙවීවරු බානීගේ පුත් රෙහුම් යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔහුට පසු ව, ලෙවීවරු බානීගේ පුත් රෙහුම් යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 3:17
8 හුවමාරු යොමු  

කෙයිලාද අක්ශිබ්ද මරේෂාද යන නුවරවල් නවය සහ ඒවායේ ගම්ද යන මේවාය.


ඔහු ගාව බෙත්-ශූර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ අශ්බුක්ගේ පුත්‍රවූ නෙහෙමියා දාවිත්ගේ සොහොන්පළවල් ඉදිරිපිටට පැමිණෙන තුරුත් සාදනලද පොකුණ දක්වාත් බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියාකෙළේය.


මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.


ඔවුන් ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හූර්ගේ පුත්‍රවූ රෙපායා අලුත්වැඩියාකෙළේය.


ඔහු ගාව ඔවුන්ගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හේනාදාද්ගේ පුත්‍රවූ බව්වයි [යටතේ] අලුත්වැඩියාකෙළෝය.


එවිට යේෂුවාද බානීද කද්මීයෙල්ද ෂෙබනියාද බුන්නීද ෂේරෙබියාද බානීද කෙනානීද ලෙවීවරුන්ගේ මංචකයේ පඩි පිට සිට මහත් හඬකින් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකළෝය.


ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්