එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය.
නික්මයාම 5:10 - Sinhala New Revised Version ජනතාවගේ විධායකයෝ ද නිලධාරීහු ද පිටත් ව ගොස් සෙනඟට කතා කොට, “පාරාවෝ මෙසේ අණ කොට ඇත. එනම්, ‘මම නුඹලාට පිදුරු නොදෙමි, Sinhala New Revised Version 2018 ජනතාවගේ විධායකයෝ ද නිලධාරීහු ද පිටත් ව ගොස් සෙනඟට කතා කොට, “පාරාවෝ මෙසේ අණ කොට ඇත. එනම්, ‘මම නුඹලාට පිදුරු නොදෙමි, Sinhala Revised Old Version එවිට සෙනඟගේ විධානවරුද ඔවුන්ගේ මුලාදෑනීහුද පිටත ගොස් සෙනඟට කථාකොට: ඵාරාවෝ මෙසේ කියන්නේය; මම නුඹලාට පිදුරු නොදෙමි. |
එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.
නුඹලා ම ගොස් පුළුවන් තැන්වලින් පිදුරු සොයාගන්න, හැබැයි, නුඹලාගේ වැඩ කිසිවක් අඩු නොවිය යුතු ය’ කියා කීවේ යැ”යි කී හ.
තවද, නොනවත්වා ම වැඩ කරන පිණිසත්, වැඩකට නැති කතාවලට කන් නොදෙන පිණිසත් ඔවුන් පිට බර වැඩ පැවරිය යුතු ය”යි කී ය.
දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය: “සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.