ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 4:16 - Sinhala New Revised Version

ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු නුඹ වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු නුඹට මුඛයක් වන්නේය, නුඹ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 4:16
7 හුවමාරු යොමු  

“ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.


එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න.


එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක.


ඉන්පසු ආරොන්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල කියා දී, සෙනඟ ඉදිරිපිට හාස්කම් පෑවේ ය.


එවිට ජෙරමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත් බාරුක් නම් ඔහුගේ ලේකම්ට දුන්නේ ය. ඔහු ද ජුදාහි රජු වූ ජෙහෝයාකිම් ගින්නෙන් දවාදැමූ පොතේ සියලු වචන ජෙරමියාගේ මුවින් අසාගෙන එහි ලිව්වේ ය. ඒ පොතට තවත් බොහෝ වචන ද එකතු කරන ලද්දේ ය.