ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 38:9 - Sinhala New Revised Version

ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු මළුවද සෑදුවේය. කටිනලද සිහින් හණ නූලින් ඒකේ දකුණු පැත්තේ දකුණු දෙසට මළුවේ තිර රියන් සියයක් විය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 38:9
13 හුවමාරු යොමු  

ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.


තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.


ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.


මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි.


සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය.


සමිඳුන්ගේ නිවෙසෙහි ඔබ ඒවා රෝපණය කළ සේක. දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේ ය.


“තවද, නුඹ නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණ පිළියෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සෑදිය යුතු වේ. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.


ඊට ලෝකඩයෙන් නිම කළ කුළුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි.


ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වට කර මළුව තනා, මළුවේ දොරකඩ කඩතුරාව එල්ලී ය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කෙළේ ය.


වටේට මළුව ද සකස් කොට මළුවේ දොරකඩ කඩතුරාව එල්ලිය යුතු ය.


මළුවේ තිර ද මණ්ඩපයට සම්බන්ධ පූජාසනය වටේට වූ මළුවේ දොරට දැමූ තිරය ද මේවා සම්බන්ධ සියලු සේවාවන්ට අවශ්‍ය ලණු ද වේ.


මළුවේ තිර ද, මණ්ඩපය සහ පූජාසනය වටේට ඇති මළුවේ දොරටුවට යොදා තිබෙන කඩතුරාව ද, ඒවායේ ලණු ද, ඒවායේ මෙහෙයට භාවිත කරන සියලු බඩු භාණ්ඩ සහ අනිකුත් සියල්ල ද උසුලාගෙන යා යුතු ය.