Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 38:9 - Sinhala Revised Old Version

9 ඔහු මළුවද සෑදුවේය. කටිනලද සිහින් හණ නූලින් ඒකේ දකුණු පැත්තේ දකුණු දෙසට මළුවේ තිර රියන් සියයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:9
13 හුවමාරු යොමු  

ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.


ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.


උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.


මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි.


ස්වාමීන්ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට මොරගසති.


ඇතුළු මිදුල කැපූ ගල්පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සෑදුවේය.


ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය.


වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව එල්ලන්න.


තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.


ඒවායේ කුළුනු විස්සක්ය, ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකුද පටිද රිදීයෙන් විය.


මළුවේ තිරද මණ්ඩපයටත් පූජාසනයටත් හාත්පසින් මළුවේ දොරටුවේ කඩතුරාවද ඒවායේ ලනුද ඒවායේ වැඩට ගන්නා සියලු බඩුද ගෙනයත්වා, ඒවායින් කිරීමට තිබෙන සියල්ලද ඔව්හු කරත්වා.


මණ්ඩපය සහ පූජාසනය ළඟ වටකරින් මළුවේ තිරද මළුවේ දොරකඩ කඩතුරාවද ඒකේ සියලුම වැඩවලට ඕනෑකරන ලනුද බලාගැනීමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්