ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පැමිණි පසු, සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ් කන්දේ දී තබන ලද ගල්පුවරු දෙක මිස, ගිවිසුම් කරඬුවේ වෙන කිසිවක් නොතිබිණි.
නික්මයාම 25:16 - Sinhala New Revised Version පසුව මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක එම කරඬුවේ තැන්පත් කළ යුතු ය. Sinhala New Revised Version 2018 පසුව මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක එම කරඬුවේ තැන්පත් කළ යුතු ය. Sinhala Revised Old Version මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න. |
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පැමිණි පසු, සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ් කන්දේ දී තබන ලද ගල්පුවරු දෙක මිස, ගිවිසුම් කරඬුවේ වෙන කිසිවක් නොතිබිණි.
එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.
ඉන්පසු ඔව්හු රජ කුමාරයා පිටතට ගෙනවුත්, ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත් කළෝ ය. ජෙහෝයාදා ද ඔහුගේ පුත්‍රයෝ ද ඔහු අභිෂේක කොට, “මහ රජ සැරදේවා” කියා හඬ නැඟුවහු ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් ප්‍රකාර, ආරොන් එය ආරක්ෂා කරනු පිණිස ගිවිසුම් කරඬුව ඉදිරිපිට තැබී ය.
තවද, නුඹ කරඬුව මත කරුණාසනය තබා, කරඬුව තුළ, මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක තැන්පත් කළ යුතු ය.
තිරය කොකුවලට යටින් එල්ලා, තිරයට පිටුපස ගිවිසුම් කරඬුව තැබිය යුතු වේ. මෙලෙස තිරය, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කරනු ඇත.
තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”
තවද, නුඹ එයින් කොටසක් සුණු කොට, ඉනුත්, කොටසක් මා නුඹ හමු වන සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඉසිය යුතු ය. නුඹ මෙය අතිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතු ය.
ගිවිසුම් කරඬුව වසා තිබෙන කරුණාසනයට ඉස්සරහින්, එනම්, ගිවිසුම් කරඬුව ඉදිරියට ඇති තිරය ඉස්සරහින්, එය තැබිය යුතු ය. මා නුඹ හමු වන්නේ එම ස්ථානයේ ය.
උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.
මෝසෙස් හැරී කන්දෙන් බැස එන විට සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ විය. ගල් පුවරු දෙකේ, එක පැත්තක මෙන් ම අනික් පැත්තේ ද ලියා තිබිණි.
මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීම නිසා තම මුහුණ බැබළෙමින් තිබුණ බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේ ය.
සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපය සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්‍රමාණය මෙසේ විය. මේ ලැයිස්තුව මෝසෙස් විසින් අණ කරන ලදු ව, ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙළ කරන ලදී.
පසුව ඔහු දස පණතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය.
“අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය.
එසේ ය, බොහෝ සේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින් ම කිව යුතු ය.
“මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.
එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.
“ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන්ට ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන ලෙස කියන්නැ”යි වදාළ සේක.