Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 31:26 - Sinhala New Revised Version

26 “මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 “මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 31:26
13 හුවමාරු යොමු  

එබැවින් දැන් මේ ගීතය ලියා ඉශ්රායෙල් ජනයාට ඉගැන්විය යුතු ය. මේ ගීතය ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මා වෙනුවෙන් සාක්ෂියක් වනු පිණිස එය ඔවුන්ට කටපාඩම් කරවන්න.


ඇරත් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස මම ව්‍යවස්ථාවට කීකරු වන අතර ව්‍යවස්ථාව මළ දෙයක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කෙළෙමි.


ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පැමිණි පසු, සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ් කන්දේ දී තබන ලද ගල්පුවරු දෙක මිස, ගිවිසුම් කරඬුවේ වෙන කිසිවක් නොතිබිණි.


පසුව මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක එම කරඬුවේ තැන්පත් කළ යුතු ය.


මෝසෙස් මේ නීතිය ලියා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීගේ වංශයේ පූජකයන්ට ද ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන්ට ද භාර දුන්නේ ය.


ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන ලෙවීවරුන්ට අණ කරමින් මෙසේ කීවේ ය:


මම ඔබේ කැරලිකාරකමත්, මුරණ්ඩුකමත් දනිමි. මා අද ජීවත් ව සිටිය දී ම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ කැරලිගසන්නහු නම්, මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහු ද?


සාමුවෙල් රජකමේ යුතුකම් සෙනඟට විස්තර කර දී, ඒවා පොතක සටහන් කර සමිඳාණන් වහන්සේ ඉදිරියේ තැබුවේ ය. ඉන්පසු සාමුවෙල් සෙනඟ විසුරුවා හැර ඔවුන් සිය ගෙවලට පිටත් කර යැවුවේ ය.


තවද, සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන කරඬුවට එහි ස්ථානයක් නියම කෙළෙමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්