එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය.
නික්මයාම 2:14 - Sinhala New Revised Version ඔහු පිළිතුරු දෙමින්, “අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්න හදන්නෙහි දැ”යි ඇසී ය. එවිට මෝසෙස් බිය වී, “ඇත්තට ම කාරණය එළි වී තිබේ ය”යි කියාගත්තේ ය. Sinhala New Revised Version 2018 ඔහු පිළිතුරු දෙමින්, “අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්න හදන්නෙහි දැ”යි ඇසී ය. එවිට මෝසෙස් බිය වී, “ඇත්තට ම කාරණය එළි වී තිබේ ය”යි කියාගත්තේ ය. Sinhala Revised Old Version එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත්කළේ කවුද? නුඹ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය. |
එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය.
එහෙත් ඔව්හු උත්තර දෙමින්, “මෙතැනින් ඉවතට යව. විජාතිකයෙකු මෙන් ඇවිත් නතර වූ මිනිසා දැන් ලොකු මිනිහෙකු වෙන්න යන හැටි! අර අයටත් වඩා සැර ගිනිගෙඩියක් අපි නුඹට දෙමු”යි කී හ. මෙසේ කියා ඔව්හු ලොත් තදින් තල්ලු කරගෙන අවුත් දොර කැඩීමට කිට්ටු වූවෝ ය.
ජාකොබ්ගේ පුත්‍රයෝ ද තුවාළ ලැබූවන් පිටට පැන පහර දී නුවර කොල්ලකෑ හ. මන්ද, ඔහු තම සොහොයුරී දූෂණය කළ හෙයිනි.
මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?
ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ.
උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව උගන්වමින් සිටිය දී නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙතට අවුත්, “ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරි බලයකින් ද? මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි ප්‍රශ්න කළහ.
එහෙත් උන් වහන්සේ කතා කරමින්, “මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපළ බදෙන්නකු කොට මා පත් කෙළේ කවරෙක් දැ”යි ඔහුගෙන් ඇසූ සේක.
එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.
එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”
“අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය.
ඇදහිල්ලෙන්, ඔහු රාජ උදහසට බිය නොවී, මිසරය අත්හැර ගියේ ය. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දෙනෙතින් දකින්නාක් මෙන් ඔහු ස්ථීර ව සිටියේ ය.