ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
නික්මයාම 15:18 - Sinhala New Revised Version සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක. Sinhala New Revised Version 2018 සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ සදාකල්ම රජකම් කරනසේක. |
ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.
උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.
උන් වහන්සේ දැක් වූ හාස්කම් කොපමණ මහත් ද? උන් වහන්සේ කළ අරුමපුදුම දේ කොපමණ බලවත් ද? උන් වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක් ය. උන් වහන්සේගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේ ය.
සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය.”
ඉන්පසු, අහස යට තිබෙන සියලු රාජ්‍යවල රජකම ද පාලනය ද මහන්තත්ත්වය ද මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට දෙනු ඇත. ඔවුන්ගේ රාජ්‍යය සදාකාලික ය. සියලු පාලකයන් ඔවුන්ට සේවය කර කීකරු වනු ඇත.”