නාහුම් 1:5 - Sinhala New Revised Version උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති. Sinhala Revised Old Version කඳු උන්වහන්සේට භයින් වෙවුලති, හෙල්ද දියවෙති; උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද ලෝකය සහ එහි වාසයකරන සියල්ලෝද කම්පාවෙති. |
එම්බා කඳු! නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද?
එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය.
ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි.
පොළොව කම්පා විය, අහසින් වැසි වැස්සේ ය; ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් අබිමුව සීනයි කන්ද පවා කම්පනය විය.
සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක. පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක.
පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින්, කුණාටුවකට අසු වූ පැල්පතක් මෙන් සැලෙමින් පවතින්නේ ය. පොළොව පාපයෙන් බර වී ඇත. එය කිසි කලක ගොඩගන්නට බැරි වන ලෙස බිඳී වැටෙන්නේ ය.
සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.
එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.
මුහුදේ මත්ස්‍යයෝ ද ආකාශයේ පක්ෂීහු ද වනයේ මෘගයෝ ද භූමියෙහි බඩගාන සියලු ම සත්ත්වයෝ ද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝ ද මා ඉදිරියෙහි වෙවුළන්නෝ ය. කඳු හෙළා දමනු ලබන්නටත්, උස් තැන් වැටෙන්නටත්, සියලු පවුරු බිම වැටෙන්නටත් යෙදෙනු ඇත.
“සව් බලැති දෙවි සමිඳු, අතගසන විට දෙරණට, දෙරණ සැලෙනු ඇත, සව් ලෝ සත වැලපෙනු ඇත. මිසරයේ ගඟ වන නයිල් නදිය විලසින නඟියි, බසියි මුළු දෙරණ.
එසේ සක්මන් කරන විට, ගින්න ඉදිරියෙහි ඉටි මෙන් කඳු දිය වී ගොස්, කඳු බෑවුමකින් ගලා බසින වතුර මෙන් මිටියාවත් කැඩී බිඳී යන්නේ ය.
ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.
විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.”
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.
දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;
එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය.
තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.
අකුළන ලද පොතක් මෙන් අහස නොපෙනී ගියේ ය. සියලු කඳු ද දිවයින් ද ඒවා පිහිටි තැන්වලින් පහ කරන ලද්දේ ය.