Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 27:51 - Sinhala New Revised Version

51 දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

51 එවෙලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

51 බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 27:51
26 හුවමාරු යොමු  

එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය.


අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය.


හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය.


එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.


ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.


එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය.


මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක.


ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.


දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි.


ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.


ඔහු නිල් පාට, තද රතු පාට, දම් පාට නූල්වලිනුත්, සිහින් හණ නූල්වලිනුත් තිරය ද ඒ පිට කෙරුබ් රූප ද සෑදුවේ ය.


ඔහුට කැළලක් ඇති බැවින් ඔහු නොකළ යුත්තේ, තිරය කිට්ටුවට යෑම හෝ පූජාසනයකට ළඟා වීම හෝ පමණකි. ඔහු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර නොකළ යුතු ය. මන්ද, මම ඒවා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.”


ඔබේ සෙනඟ ගළවන පිණිසත්, ඔබේ අභිෂේක ලත් නිරිඳා මුදන පිණිසත් ඔබ පිටත් ව වැඩිය සේක. ඔබ දුෂ්ටයන්ගේ නායකයා ගසා දමා, ඔහුගේ අනුගාමිකයන් සහමුලින් ම විනාශ කළ සේක.


සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.


එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.


“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.


ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය.


“කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.


එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සැබැවින් ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්