පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.
දේශනාකාරයා 10:19 - Sinhala New Revised Version මංගල භෝජනයෙන් සන්තුෂ්ටිය ඇත; මුද්‍රික පානය ජීවිතය ප්‍රීතිමත් කරයි. ඒ කොයි දෙයටත් මුදල් අවශ්‍ය ය. Sinhala New Revised Version 2018 මංගල භෝජනයෙන් සන්තුෂ්ටිය ඇත; මුද්‍රික පානය ජීවිතය ප්‍රීතිමත් කරයි. ඒ කොයි දෙයටත් මුදල් අවශ්‍ය ය. Sinhala Revised Old Version සිනාසීම පිණිස භෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලුදේ ඉෂ්ටවෙයි. |
පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.
අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණ කරමින්, “අම්නොන් මුද්‍රික පානය බී විනෝද සිතින් සිටින කල, ‘අම්නොන්ට පහර දෙන්නැ’යි මා ඔබට කී විට, ඔහු මරාදමන්න; බිය නොවන්න; ඔබට අණ කරන්නේ මම නොවෙම් ද? ධෛර්යවත් ව ද බලසම්පන්න ව ද සිටින්නැ”යි කී ය.
දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය.
ඔවුන් අවට සිටි සියල්ලෝ ද සිය කැමැත්තෙන් දුන් නා නා විධ පඬුරුවලට අමතර ව රිදී භාණ්ඩ ද රන් ද බඩුබාහිරාදිය ද ගවමහිෂයන් ද අනර්ඝ දේවල් ද යන මේවායින් ඔවුන්ට උපකාර කළහ.
“අන්‍ය ජාතීන්ට විකුණනු ලැබූ ජුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිල දී මුදා ගත්තෙමු. එහෙත් දැන් ඔබ, ඔබේ ම සහෝදරයන් විකුණන්නහු ය. ඔවුන් මිල දී මුදා ගැනීමට අපට සිදු වනු ඇතැ”යි කීවෙමි. එවිට ඔව්හු වචනයක් වත් කියා ගත නොහැකි ව නිශ්ශබ්ද වී සිටියෝ ය.
සත් වන දා රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනාගිය විට, අහෂ්වේරොෂ් රජ තමාට සේවය කළ මෙහුමාන් ද බිශ්තා ද හර්බෝනා ද බිග්තා ද අබගතා ද සේතර් ද කර්කස් ද යන නපුංසකයන් සත් දෙනා කැඳවී ය.
තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.
ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.
ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත.
ඈ වෙළෙඳාමෙන් උපයන මුදල සමිඳාණන් වහන්සේට කැප කරනු ඇත. ඈ ඒ මුදල් රැස්කර තබා ගන්නේ නැත. සමිඳාණන් වහන්සේ නමදින අය කෑම හා තමන්ට වුවමනා ඇඳුම් මිලයට ගැනීමට ඒ මුදල වැය කරනු ඇත.
මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති. ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත. දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත.
එහෙත්, අප ඔවුන්ට බාධාවක් නොවන පිණිස, ඔබ මුහුදට ගොස් බිළි බා, මුලින් ම අසුවන මාළුවා ගෙන, උගේ කට ඇරිය විට රිදී කාසියක් ඔබට සම්බ වන්නේ ය. එය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්නැ”යි වදාළ සේක.
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.
‘අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ’යි මට ම කියාගනිමි.
“එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත.
හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ.
එවිට ශ්‍රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ.
ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.
මන්ද, විජාතීන් කැමැති දේ කිරීමට පසුගිය කාලයේ දී ඔබටත් ඇති තරම් කල් වේලා තිබිණි. ඒ කාලයේ දී ඔබ අනාචාරකමින් ද සල්ලාලකමින් ද බීමත්කමින් ද අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද ජීවිතය ගත කළහු ය.
ඔහුගේ පියා ඒ කාන්තාව සිටි තැනට ආවේ ය. සම්සොන් එහි දී මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. මෙය තරුණයන් අතරේ පැවති සිරිතක් විය.
මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය.
අබිගායිල් නාබල් වෙත පැමිණියා ය. එවිට රාජ මංගල්‍යයක් මෙන් ඔහු තම ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේ ය. නාබල් හොඳට ම මත් වී සිටි බැවින් ඔහු ප්‍රීති ලීලාවෙන් සිටියේ ය. එබැවින් පසු දා එළි වන තුරු ඈ ඔහුට කිසිවක් දැන්නුවේ නැත.