Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 1:6 - Sinhala New Revised Version

6 ඔවුන් අවට සිටි සියල්ලෝ ද සිය කැමැත්තෙන් දුන් නා නා විධ පඬුරුවලට අමතර ව රිදී භාණ්ඩ ද රන් ද බඩුබාහිරාදිය ද ගවමහිෂයන් ද අනර්ඝ දේවල් ද යන මේවායින් ඔවුන්ට උපකාර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔවුන් අවට සිටි සියල්ලෝ ද සිය කැමැත්තෙන් දුන් නා නා විධ පඬුරුවලට අමතර ව රිදී භාණ්ඩ ද රන් ද බඩුබාහිරාදිය ද ගවමහිෂයන් ද අනර්ඝ දේවල් ද යන මේවායින් ඔවුන්ට උපකාර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඔවුන් අවට සිටි සියල්ලෝද සිය කැමැත්තෙන් දුන් සියලු පඬුරු හැර රිදී භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මෘගයන්ගෙනුත් අනර්ඝ දේවලිනුත් ඔවුන්ට උපකාරකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 1:6
12 හුවමාරු යොමු  

සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය.


යම් ජුදෙව්වෙක් ඉතිරි ව යම් තැනක සිටී ද, ඒ ස්ථානයේ සිටින මනුෂ්‍යයෝ ජෙරුසලමේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර, රන් රිදී ද බඩුබාහිරාදිය හා ගවමහිෂයන් ද දෙමින් ඔහුට උපකාර කරත් වා!’ ”


සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.


අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, “දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.”


ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.


ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.


ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ.


සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට අනුග්‍රහය ලබා දුන් හෙයින් ඔව්හු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලකාගත්හ.


බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න;


එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්