මන්ද, ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත් ව ආ දවස පටන් අද දවස දක්වා ම ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට මා කෝප කළෝ ය’ කියා වදාරන සේකැ”යි කියෙවූ සේක.
දානියෙල් 9:8 - Sinhala New Revised Version සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්ස, අප විසින් ඔබට විරුද්ධව පව්කළ නිසා අපට, එනම්, අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් මුහුණු–ලජ්ජාව අයිතිය. |
මන්ද, ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත් ව ආ දවස පටන් අද දවස දක්වා ම ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට මා කෝප කළෝ ය’ කියා වදාරන සේකැ”යි කියෙවූ සේක.
ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයෙහි දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන එම දේශයේ දී ඔබට කන්නලව් කර, ‘අපි පව් කෙළෙමු; අපි හිතුවක්කාරකම් කොට දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු’යි කියමින්,
ඔබේ මෙහෙකරුවන් වන ඉශ්රායෙල් සෙනඟ උදෙසා ඔබේ මෙහෙකරු මා දැනට රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියෙහි ඔප්පු කරන යාච්ඤා අසන පිණිස ඔබේ කන් යොමා මා දෙස බැලුව මැනව. ඉශ්රායෙල් සෙනඟ වන අප ඔබට විරුද්ධ ව කළ පව් මම කියා සිටිමි. මාගේ පියාගේ වංශයේ අය ද මම ද පව් කෙළෙමු.
තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
සමිඳුනි, අපේ දුෂ්ටකමත්, අපේ පියවරුන්ගේ අපරාධයත් අපි පිළිගනිමු. අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
එසේ වන්නේ, මා කෝප කරවන හැටියට ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද ඔවුන්ගේ රජවරුන් ද ඔවුන්ගේ අධිපතීන් ද ඔවුන්ගේ පූජකයන් ද ඔවුන්ගේ දිවැසිවරුන් ද ජුදාහි මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද කළ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසා ය.
එහෙත්, සැබෑවට ම ඔවුන් කෝප කරවන්නේ මා ද? නැත; ඔවුන් එසේ කරගන්නේ ඔවුන්ට ම ය. තමන් පිට ම ඔව්හු ලජ්ජාව පමුණුවාගන්නෝ ය.
සමිඳාණෝ දැහැමි ය; එතුමන්ගේ අණසකට එරෙහි ව කැරලි ගැසුවේ මම ය. අනේ! සියලු ජාතිනි, සවන් දී මාගේ දුක බලන්න. මාගේ කන්‍යාවන් ද මාගේ තරුණයන් ද වහල්කමට ගෙන ගොස් ඇත.
නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
දුෂ්ටකම් කොට ජාතීන්ට වඩා මාගේ නියෝගයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පණත්වලටත් විරුද්ධ ව ඈ කැරලි ගැසුවා ය. මන්ද, ජෙරුසලම් වැසියෝ මාගේ විනිශ්චය එපා කළෝ ය. මාගේ අණපණත් ප්‍රකාරයට නොහැසුරුණෝ ය.
උන් වහන්සේට විරුද්ධ ව අප කැරලි ගසා ඇති නමුත්, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දයාන්විත ය, ක්ෂමාගුණයෙන් යුක්ත ය.