Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 5:6 - Sinhala New Revised Version

6 දුෂ්ටකම් කොට ජාතීන්ට වඩා මාගේ නියෝගයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පණත්වලටත් විරුද්ධ ව ඈ කැරලි ගැසුවා ය. මන්ද, ජෙරුසලම් වැසියෝ මාගේ විනිශ්චය එපා කළෝ ය. මාගේ අණපණත් ප්‍රකාරයට නොහැසුරුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 දුෂ්ටකම් කොට ජාතීන්ට වඩා මාගේ නියෝගයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පනත්වලටත් විරුද්ධ ව ඈ කැරලි ගැසුවා ය. මන්ද, ජෙරුසලම් වැසියෝ මාගේ විනිශ්චය එපා කළෝ ය. මාගේ අණපනත් ප්‍රකාරයට නොහැසුරුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඈ දුෂ්ටකම්කොට, ජාතීන්ට වඩා මාගේ විනිශ්චයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පනත්වලටත් විරුද්ධව කැරළිගැසුවාය. මක්නිසාද ඔව්හු මාගේ විනිශ්චයන් එපාකළෝය, මාගේ පනත් ප්‍රකාරයට නොහැසුරුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 5:6
24 හුවමාරු යොමු  

මාගේ වචනවලට කීකරු නොවූ ඔවුන්ගේ පියවරුන්ගේ පාපවලට ඔව්හු ද වැටී සිටිති. ඔවුන් අන් දෙවිවරුන් අනුගමනය කර, ඔවුන්ට නමස්කාර කර ඇත. ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මා ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩ කර ඇත.


“එහෙත්, ඔව්හු එයට සවන් දෙන්න අකමැති වූ හ. ඔව්හු මුරණ්ඩුකම දැක් වූ හ. නොඇසෙන පිණිස කන් වසා ගත්තෝ ය.


එසේ නම් ජෙරුසලම් ජනයෙනි, නුඹලා මා කෙරෙන් ඉවත් ව ගියේ මන් ද? නිරන්තරයෙන් ම ඉවත් ව යන්නේ මන් ද? මායාවට වසඟ වී; ‘අප ආපසු හැරී එන්නේ නැතැ’යි නුඹලා කියන්නහු ය.


ඔව්හු දෙවිඳුන් සමඟ වූ ගිවිසුම ඉටු නොකළෝ ය. එතුමන්ගේ නීතිය අනුව හැසිරීමට එකඟ නොවූවෝ ය.


මන්ද, බොහෝ කලකට පෙර දඬුවමට නියම කරනු ලැබූ, අභක්තික මිනිසුන් සමහර දෙනෙක්, ඔබ නොදැනුවත් ව ම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතරට රිංගාගෙන සිටිති. මොවුහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, අවකල්ක්‍රියාවට මඟක් කරගනිමින්, අපගේ එක ම අධිපතියාණන් ද ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.


මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය.


“සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි.


ඔව්හු අපරාධය පිට අපරාධය ද වංචාව පිට වංචාව ද කරති. “මාගේ සෙනඟ මා නොපිළිගනිති”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.


මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹලා කොපමණ කාලයක් මාගේ ආඥා සහ නීති පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නහු ද?


එහෙත්, ඔව්හු ඇහුම්කන් නුදුන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කළා වූ විජාතීන්ට වඩා නපුරුකම් කරන ලෙස මනස්සේ ඔවුන් මුළා කෙළේ ය.


“ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා,


අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද අපේ පූජකයන් ද අපේ පියවරුන් ද ඔබේ ව්‍යවස්ථාව පැවැත්වූයේ වත්, ඔබේ ආඥාවලට ද ඔබ ඔවුන්ට කළ ඔබේ අවවාදවලට ද සවන් දුන්නේ වත් නැත.


ඔවුන් සිය රජවරුන් යටතේ ඔබ ඔවුන්ට දුන් සෞභාග්‍යය භුක්තිවිඳින විට ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේ දී ද ඔබට සේවය කෙළේ වත්, තමන්ගේ නපුරු ක්‍රියාවලින් වෙන් වුණේ වත් නැත.


එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ පණත් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පණත් ප්‍රකාරයට ක්‍රියා කළහු ය.’ “


දෙවියන් වහන්ස, අපි පව් කෙළෙමු. අයුතුකම් කෙළෙමු; දුෂ්ටකම් කෙළෙමු; කැරලි ගැසීමු. ඔබේ ශික්ෂාවලින් ද විනිශ්චයවලින් ද ඉවත් ව ගියෙමු.


සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය.


“දැන් ඉතින් අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ බලය පා මිසරයෙන් ඔබේ සෙනඟ පිටතට ගෙනවුත්, අද කීර්තිමත් නාමයක් දරන අපේ දෙවි ස්වාමීන් වහන්ස, අපි පව් කෙළෙමු, දුෂ්ටකම් කෙළෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්