Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:9 - Sinhala New Revised Version

9 උන් වහන්සේට විරුද්ධ ව අප කැරලි ගසා ඇති නමුත්, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දයාන්විත ය, ක්ෂමාගුණයෙන් යුක්ත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:9
28 හුවමාරු යොමු  

අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය.


දෙවියන් වහන්ස, අපි පව් කෙළෙමු. අයුතුකම් කෙළෙමු; දුෂ්ටකම් කෙළෙමු; කැරලි ගැසීමු. ඔබේ ශික්ෂාවලින් ද විනිශ්චයවලින් ද ඉවත් ව ගියෙමු.


මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.


එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය.


මාගේ සෙනඟ මොරගසමින් මෙසේ යාච්ඤා කරති: ‘සමිඳුනි, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ අයුතුකම්, අපේ අපරාධ, අපට විරුද්ධ ව සාක්ෂි දෙන නමුත්, ඔබේ නාමය වෙනුවෙන් අපට පිහිට වුව මැනව. අපි බොහෝ වර ඔබ වෙතින් හැරී ගියෙමු. ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.


එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.


සමිඳුනි, තිර පෙම ඔබ සතු ය. මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.


ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.


සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.


දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.


එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පණත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි.


මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.


එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.


ඔබේ මෙහෙකරුවා ද ඔබේ ඉශ්රායෙල් සෙනඟ ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේ ය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව, අසා කමා වුව මැනව.


ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු.


සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය.


දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නො‍වෙම්වා”යි ගාද්ට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්