මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ.
දානියෙල් 9:10 - Sinhala New Revised Version අපේ සමිඳාණන් වහන්සේට අපි කීකරු නොවීමු. උන් වහන්සේ සිය දිවැසිවරුන් ලවා අප ඉදිරියේ තැබූ උන් වහන්සේගේ උපදෙස් අනුව අපි නොහැසිරුණෙමු. Sinhala Revised Old Version අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව. |
මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ.
එවිට සමිඳාණන් වහන්සේ මෙසේ කියනු ඇතැ යි ඔවුන්ට කියන්න. ‘නුඹලාගේ පියවරු මා අත්හැර අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කර, නමස්කාර කර, මා අත්හැර දමා මාගේ ව්‍යවස්ථාව ද නොපැවැත්වූ හ.
ඔව්හු ද ඇතුළු වී ඒ දේශය හිමි කරගත්හ. එහෙත්, ඔවුන් ඔබේ හඬට කීකරු වුණේ වත්, අණපණත් අනුව හැසුරුණේ වත්, ඔවුන්ට කරන්නට ඔබ අණ කල සියල්ල කෙළේ වත් නැත. ඒ නිසා ඔබ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේක.
ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු.
දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.