Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




දානියෙල් 9:10 - Sinhala Revised Old Version

10 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 අපේ සමිඳාණන් වහන්සේට අපි කීකරු නොවීමු. උන් වහන්සේ සිය දිවැසිවරුන් ලවා අප ඉදිරියේ තැබූ උන් වහන්සේගේ උපදෙස් අනුව අපි නොහැසිරුණෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:10
8 හුවමාරු යොමු  

මෙසේ සිද්ධවුණේ ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී, උන්වහන්සේගේ ගිවිසුම වන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල කඩකළ නිසාය, ඔව්හු ඒවා අසන්ටවත් කරන්ටවත් නොකැමැතිවූහ.


නුඹලාගේ පියවරුන් මා අත්හැර, අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකර, නමස්කාරකර, මා අත්හැර, මාගේ ව්‍යවස්ථාවද නොපවත්වා සිටින්ටත්,


ඔව්හුද ඇතුල්වී ඒක හිමිකරගත්තෝය; නුමුත් ඔවුන් ඔබගේ හඬට කීකරුවුණේවත් ඔබගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසුරුණේවත් ඔවුන්ට කරන්ට ඔබ අණකළ සියල්ල කළේවත් නැත. ඉන්නිසා ඔබ මේ මුළු විපත්තිය ඔවුන්ට පැමිණෙවුසේක.


ඔබවහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් දේශයේ වැසියන්වූ සියල්ලන්ටත් කථාකළ අනාගතවක්තෲන්වූ ඔබගේ මෙහෙකරුවන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමුව.


දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්