දානියෙල් 8:9 - Sinhala New Revised Version එයින් එකකින් කුඩා අඟක් නික්මී දකුණටත්, නැගෙනහිරටත්, පලස්තීනය දෙසටත් ඉමහත් බලය පෑවේ ය. Sinhala Revised Old Version එයින් එකකින් කුඩා අඟක් නික්මී, දකුණත් නැගෙනහිරත් අලංකාර දේශයත් දෙසට ඉතා මහත්විය. |
උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.
“ඉශ්රායෙලය, නුඹ මාගේ දරුවා වශයෙන් පිළිගෙන, ලොවේ ඇති ඉතා ම අලංකාර, ප්‍රියංකර දේශය නුඹට උරුම කොට දෙන්නෙමි. නුඹ මට ‘පියාණෙනි’යි අමතමින් මා වෙතින් ඉවත් ව නොයනු ඇතැ යි මම සිතුවෙමි.
තවද, මා ඔවුන්ට දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන සියලු දේශවලට වඩා උතුම් දේශයට ඔවුන් නොපමුණුවමි යි කාන්තාරයේ දී ඔවුන්ට විරුද්ධ ව අත ඔසවමි යි දිවුරා කීවෙමි.
මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි.
සිරියාවේ රජ තමන් රිසි පරිදි කරන්නේ ය. ඔහුට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත. ඔහු පලස්තීනයේ සිය බලය පිහිටුවා එය සහමුලින් ම තම බලයට යටත් කරගන්නේ ය.
ඒ මිනිසා තවදුරටත් මෙසේ විස්තර කෙළේ ය: “ඔහුගේ තැන රජයේ ගෞරවය නොදෙන ලද නීච කෙනෙක් ගන්නේ ය. ඔහු හදිසියෙන් පැමිණ කූටෝපක්‍රමයකින් රාජ්‍යය ගන්නේ ය.
ඒ අං දෙස මා බලා සිටිය දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේ ය. එයට ඉඩ දෙන පිණිස පළමු වන අං තුනක් උදුරාදමනු ලැබී ය. මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස් ද පුරසාරම් දොඩන කටක් ද තිබුණේ ය.
‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”