එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.
දානියෙල් 4:9 - Sinhala New Revised Version මන්ත්‍රකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂෙසර්, ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අබිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මෙය වේ. එහි තේරුම මට පහදා දෙන්න. Sinhala Revised Old Version මායාකාරයන්ගේ ප්‍රධානියාවූ බේල්ටෙෂශර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන බවත් කිසි රහසක් විසඳීම නුඹට අමාරු නොවන බවත් දනිමි, එබැවින් මා දුටු ස්වප්නයේ දර්ශනද එහි අර්ථයද මට කියන්න. |
එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.
විදේශීය බදු අය කරන්නා ද කප්පම් ගන්නා ද වස්තු රැස් කරන්නා ද ගැන පෙර තිබූ නුඹේ බිය මතක මාත්‍රයක් පමණක් වන්නේ ය.
නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.
මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේ ය; එහි පලදාව හටගන්නේ ය; එය උතුම් කිහිරි ගසක් වන්නේ ය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.
නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය.
එබැවින් ඔව්හු රාජ සේවයට ඇතුළත් කරන ලද හ. තේරුම් පැහැදුම් ඇති ව විමසිය යුතු යම් යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසූ විට, මුළු රාජ්‍යයේ සිටි සියලු මන්ත්‍රකාරයන්ටත්, අනවිනකාරයන්ටත් වඩා දස ගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේ ය.
රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.
රජ තෙමේ දානියෙල් උසස් නිලයකට පත්කොට, අනේක විධ අගනා තෑගිබෝග ඔහුට දී, මුළු බබිලෝනි පළාතේ ආණ්ඩුකාරයා ද බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියා ද වශයෙන් පත් කෙළේ ය.
“මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.”
එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය.
අන්තිමේ දී මාගේ දෙවියන්ගේ නාමය අනුව ‘බෙල්ටෙෂෙසර්’ කියා නම් කරන ලද දේවාත්මානුභාවය ඇති දානියෙල් මා ඉදිරියට ආවේ ය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි:
දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී.
අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය.