Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 4:8 - Sinhala New Revised Version

8 අන්තිමේ දී මාගේ දෙවියන්ගේ නාමය අනුව ‘බෙල්ටෙෂෙසර්’ කියා නම් කරන ලද දේවාත්මානුභාවය ඇති දානියෙල් මා ඉදිරියට ආවේ ය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 4:8
14 හුවමාරු යොමු  

එහෙත්, ප්‍රධාන නපුංසකයා ඔවුන්ට වෙනත් නම් දුන්නේ ය; දානියෙල්ට බෙල්ටෙෂෙසර් කියා ද හනනියාට ෂද්‍රක් කියා ද මිෂායෙල්ට මේෂක් කියා ද අසරියාට අබෙද්නෙගෝ කියා ද නම් තැබුවේ ය.


දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත.


“මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.”


මන්ත්‍රකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂෙසර්, ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අබිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මෙය වේ. එහි තේරුම මට පහදා දෙන්න.


රජතුමා අපෙන් ඉල්ලන්නේ නොකළ හැකි දෙයකි. මිනිස් ලොවින් එපිට සිටින දෙවිවරුන්ට මිස අන් කිසිවෙකුට රජතුමාට එය පෙන්වා දිය නොහැකි ය”යි කී හ.


“ ‘බබිලෝනිය වැටී ඇත; බේල් ලජ්ජාවට පත් වී ඇත; මෙරොදක් කැළඹී සිටියි; ඇගේ දේව රූප නින්දාවට ලක් වී ඇත. ඇගේ රූප කැළඹීමට පත් වී ඇත’ යන ආරංචිය ජාතීන් අතරේ පතුරුවන්න. එය ප්‍රකාශ කරන්න; ධජ සංකේතයක් නංවා එය නොසඟවා ප්‍රසිද්ධ කරන්න.


එහෙත්, ඔව්හු සමිඳුන්ගේ සේවක මෝසෙස් සිටි අතීත කාලය සිහි කර මෙසේ ප්‍රශ්න කළහ. එතුමන්ගේ සෙනඟගේ නායකයන් මුහුදෙන් ගළවාගත් සමිඳාණෝ දැන් කොහේ ද? තමන්ගේ ශුද්ධ ආත්මානුභාවය ඔහුට දුන් තැනැන් වහන්සේ කොහේ ද?


“බේල් හා නෙබෝ යන දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. වෙහෙස වී සිටින ගවයන් පිට පටවා ඇති ඒවා බරක් ය.


එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.


රජතුමා බෙල්ටෙෂෙසර් නම් දානියෙල් අමතා, “මා දුටු ස්වප්නයත්, එහි තේරුමත් මට කියා දෙන්න ඔබට පුළුවන් දැ”යි ඇසී ය.


නෙබුකද්නෙශර් ඔවුන් අමතා මෙසේ කී ය: “ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ, ඔබ මාගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, මා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැතැ යි කියන්නේ ඇත්ත ද?


මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේ ය; එහි පලදාව හටගන්නේ ය; එය උතුම් කිහිරි ගසක් වන්නේ ය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්