ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 12:9 - Sinhala New Revised Version

ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “දානියෙල්, නුඹ යන දිහාවට යන්න. මන්ද, මේ වචන රහසක් ව තබා අන්තිම කාලය දක්වා මුද්‍රා කොට තබා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුද: දානියෙල්, නුඹ යන්න. මක්නිසාද අන්තිම කාලය දක්වා මේ වචන වසා මුදාකොට තිබේ.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 12:9
8 හුවමාරු යොමු  

හැම දිවැස් දර්ශනයක ම තේරුම ඔබෙන් සඟවා ඇත. එය බැඳ මුද්‍රා කරන ලද පොතක් හා සමාන ය. එය අකුරු දන්න කෙනෙකු වෙත ගෙන ගොස්, එය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලූ විට, එය මුද්‍රාකර ඇති නිසා කියවිය නොහැකි යයි ඔහු කියනු ඇත.


මාගේ ගෝලයන් දෙවියන් වහන්සේ මට දුන් පණිවුඩය ආරක්ෂා කොට සිතේ තැන්පත් කරගත යුතු ය.


දැන් මා මෙහි පැමිණ සිටින්නේ, මතු දවස නුඹේ සෙනඟට සිදු වන්නට යන දේ තේරුම් කර දෙන පිණිස ය. මේ දර්ශනය අනාගතය පිළිබඳ ව ය.’ “


“නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය.


“එහෙත් දානියෙල්, නුඹ මේ වචන රහසේ තබාගෙන අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙකු කිසිවක් කර කියාගත නොහැකි ව ඒ මේ අත දුවනු ඇත. දඬුවම බරපතල වන්නේ ය.”


මේ වචන මා ඇසූ නමුත්, තේරුම් නොගතිමි. එවිට මම කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ සියල්ලේ ප්‍රතිඵල කුමක් වන්නේ දැ”යි ඇසීමි.


උදේ හා හවස දුටු දර්ශනයේ තේරුම සැබෑ ය. එහෙත්, ඒ දර්ශනය රහසක් ව තබාගන්න. මන්ද, එය සිදුවන්නට පෙර බොහෝ දවස් ගත විය යුතු ය.”


ඒ ගිගුරුම් සත කතා කළ විට මම ලියන්නට සැරසුණෙමි. එවිට, “ගිගුරුම් සත කී දේ රහසේ තබාගන්න; එය නොලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසිණි.