Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 10:14 - Sinhala New Revised Version

14 දැන් මා මෙහි පැමිණ සිටින්නේ, මතු දවස නුඹේ සෙනඟට සිදු වන්නට යන දේ තේරුම් කර දෙන පිණිස ය. මේ දර්ශනය අනාගතය පිළිබඳ ව ය.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 10:14
20 හුවමාරු යොමු  

උදේ හා හවස දුටු දර්ශනයේ තේරුම සැබෑ ය. එහෙත්, ඒ දර්ශනය රහසක් ව තබාගන්න. මන්ද, එය සිදුවන්නට පෙර බොහෝ දවස් ගත විය යුතු ය.”


එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය:


එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.


ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “දානියෙල්, නුඹ යන දිහාවට යන්න. මන්ද, මේ වචන රහසක් ව තබා අන්තිම කාලය දක්වා මුද්‍රා කොට තබා ඇත.


“එහෙත් දානියෙල්, නුඹ මේ වචන රහසේ තබාගෙන අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙකු කිසිවක් කර කියාගත නොහැකි ව ඒ මේ අත දුවනු ඇත. දඬුවම බරපතල වන්නේ ය.”


“මතු දවස, සමිඳුන්ගේ මාලිගාව පිහිටි කන්ද ඉතා ම උස කන්ද මෙන් ද සියලු කඳු හෙල්වලට වඩා ඉහළින් ද පිහිටුවනු ලබන්නේ ය. ජනයෝ එයට වැල නොකැඩී එන්නෝ ය.


ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.


මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.


දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්,


ජාකොබ් තම පුතුන්ට කතා කොට මෙසේ කීවේ ය: “මතු දවස නුඹලාට පැමිණෙන්නට යන දේ ගැන, මා නුඹලා හට ප්‍රකාශ කරන පිණිස එකට රැස් වන්න.


එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?


මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි.


පර්සියා රජු වූ සයිරස්ගේ තුන් වන අවුරුද්දේ දී බෙල්ටෙෂෙසර් නම් දානියෙල්ට දර්ශනයක් එළිදරව් කරන ලදී. එය සත්‍ය වූ දර්ශනයකි. එය මහා යුද්ධයක් පිළිබඳ ව ය. ඔහු එහි අර්ථය ගැන මෙනෙහි කර දර්ශනය තේරුම්ගත්තේ ය.


ඔහු පැහැදිලි ලෙස මට කතා කොට මෙසේ කී ය: “එම්බා දානියෙල්, මා පිටතට ආවේ, නුඹට තේරුම්ගැනීමේ තියුණු නුවණ දෙන පිණිස ය.


ඔවුන් පිට බොහෝ විපත්ති හා දුක්කරදර පැමිණෙන විට, ඔවුන්ගේ දරුමුණුබුරන්ට එම ගීතය අමතක නොවන බැවින් එය සාක්ෂිකරුවෙකු මෙන් ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙනු ඇත. මන්ද, මා දිවුළ දේශයට ඔවුන් ගෙනෙන්නට කලින්, දැනට ම මම ඔවුන්ගේ සිතුම් පැතුම් දනිමි.”


මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”


“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ කතා කොට, ‘නුඹ දකින දර්ශන ඉෂ්ටවන්න බොහෝ දවස් ගත වන්නේ ය’ කියා ද ‘නුඹ දිවැස් වැකි කියන්නේ දුර අනාගත කාල ගැන ය’ කියා ද කියති.


“ගාබ්‍රියෙල්, මොහුට දර්ශනය තේරුම් කර දෙන්නැ”යි මොරගසන මනුෂ්‍ය හඬක් ඌලයි ගං ඉවුරු අතරින් මට ඇසුණේ ය.


බලන්න, මම දැන් මගේ සෙනඟ වෙත යමි. එහෙත්, මින් ඉදිරියට මේ සෙනඟ ඔබේ සෙනඟට කරන දේ කල්තියා දන්වන්නට යමි”යි කීවේ ය.


නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්